ප්‍රබල අකුණු ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
දිස්ත්‍රික්ක 23කට බලපැවැත්වෙන පරිදි ප්‍රබල අකුණු සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා

ප්‍රබල අකුණු සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, දිස්ත්‍රික්ක 23කට බලපැවැත්වෙන පරිදියි.
අනුරාධපුර,අම්පාර,කළුතර,කෑගල්ල,කිලිනොච්චිය,කුරුණෑගල,කොළඹ,ගම්පහ,ගාල්ල,ත්‍රිකුණාමලය, යන දිස්ත්‍රික්ක සඳහා මෙන්ම නුවරඑළිය, පුත්තලම, පොලොන්නරුව, බදුල්ල, මඩකලපුව, මන්නාරම, මහනුවර, මාතලේ, මුලතිව්, මොනරාගල, යාපනය, රත්නපුර සහ වව්නියාව යන දිස්ත්‍රික්ක සඳහා ද මෙම නිවේදනය වලංගුයි.
මෙම නිවේදනය අද රාත්‍රී 11.30 දක්වා වලංගු වනවා.
ඒ අනුව මෙම දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බැවින් මේ සම්බන්ධයෙන් අවදානයෙන් යුතුව කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.





