චීනයේ Shenzhou-24 යානයෙන් පළමු පාකිස්තාන ගගනගාමියා අභ්‍යවකාශයට
චීනය අද සිය ෂෙන්ෂෝ-24 අභ්‍යවකාශ මෙහෙයුම දියත් කළා. ඒ, ගගනගාමීන් තිදෙනෙකු එහි ටියැන්ගොං අභ්‍යවකාශ මධ්‍යස්ථානයට රැගෙන යමින්.

චීනය අද සිය ෂෙන්ෂෝ-24 අභ්‍යවකාශ මෙහෙයුම දියත් කළා.
ඒ, ගගනගාමීන් තිදෙනෙකු එහි ටියැන්ගොං අභ්‍යවකාශ මධ්‍යස්ථානයට රැගෙන යමින්.
චීන කාර්ය මණ්ඩල අභ්‍යවකාශ මෙහෙයුමකට සම්බන්ධ වූ පළමු විදේශිකයා වන පකිස්තානයේ මුහම්මද් සීෂාන් අලි ද ඒ අතර වනවා.
අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ සහයෝගීතාවයේ 75 වසරක් සනිටුහන් කරන මොහොතක, මෙම ගුවන් ගමන ඉස්ලාමාබාද් සමඟ පවතින සබඳතා ශක්තිමත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි චීනය පවසන්නේ.
ජියුක්වාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් අලි පැවසුවේ, තමන් “පාකිස්තානයේ නාමය මෙන්ම පාකිස්තානුවන් කෝටි 25 කගේ බලාපොරොත්තු ද තම උර මත දරා සිටින” බවයි.
අණදෙන නිලධාරී ටැං හොංබෝ (Tang Hongbo) සහ ගුවන් ඉංජිනේරු වූ යි (Wu Yi) ද ඇතුළත් මෙම මෙහෙයුම, ගෝබි කාන්තාරයේ සිට ගුවන්ගත වුණා.
ඉන් මිනිත්තු කිහිපයකට පසු, එය “පූර්ණ සාර්ථකත්වයක්” ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.
අභ්‍යවකාශයේ සිටින අතරතුර, Shenzhou-24 කාර්ය මණ්ඩලය අභ්‍යවකාශ වෛද්‍ය විද්‍යාව, දහනය වැනි ක්ෂේත්‍රවල අත්හදා බැලීම් සහ පරීක්ෂණ තාක්ෂණය සිදු කරනු ඇති අතර ජීවීන්ට අභ්‍යවකාශයේ බලපෑම් අධ්‍යයනය කරනු ඇති.
වයස්ගත වීම හා සම්බන්ධ සනාල රෝග වැළැක්වීම සහ ප්‍රතිකාර කිරීම සඳහා නව ක්‍රම සංවර්ධනය කිරීමේ අපේක්ෂාවෙන්, අභ්‍යවකාශ පරිසරය වයසට යෑමට බලපාන ආකාරය ද ඔවුන් අධ්‍යයනය කරනු ඇති.
අලි විසින් බැක්ටීරියා වල ප්‍රභාසංස්ලේෂණය සහ විකිරණ සහ ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණයේ - අභ්‍යවකාශයේ ඉතා දුර්වල ගුරුත්වාකර්ෂණය - බීජ මත ඇති කරන බලපෑම් පිළිබඳව ද අධ්‍යයනයන් සිදු කරනු ඇති.





