Radical Sri LankaIDEAS | MEDIA | IMPACTනවතම පුවත් පූරණය වෙමින්...
ප්‍රධාන අන්තර්ගතයට යන්න
IDEAS | MEDIA | IMPACT2026 නොවැම්බර් 23
Radical Sri LankaRadical Sri Lanka

ඉරානයේ සෙවනැලි බැංකු ජාලයන්ට සම්බන්ධ ඩොලර් බිලියන 15 ක මූල්‍ය ක්‍රියාකාරකම් හෙළිවේ

ඉරානයේ සෙවනැලි බැංකු ජාලයන්ට සම්බන්ධ ඩොලර් බිලියන 15 කට ආසන්න මූල්‍ය ක්‍රියාකාරකම් හඳුනාගෙන ඇති බව එක්සත් ජනපද භාණ්ඩාගාරය පවසනවා.

සංස්කාරක මණ්ඩලය
මිනිත්තු 1ක කියවීමක්WhatsAppFacebook
ඉරානයේ සෙවනැලි බැංකු ජාලය
ඉරානයේ සෙවනැලි බැංකු ජාලය

ඉරානයේ සෙවනැලි බැංකු ජාලයන්ට සම්බන්ධ ඩොලර් බිලියන 15 කට ආසන්න මූල්‍ය ක්‍රියාකාරකම් හඳුනාගෙන ඇති බව එක්සත් ජනපද භාණ්ඩාගාරය පවසනවා.

ඇමරිකානු මූල්‍ය ආයතන විසින් වාර්තා කරන ලද සැක කටයුතු ක්‍රියාකාරකම් පදනම් කරගනිමින්, 2025 ජනවාරි සහ 2026 අගෝස්තු අතර කාලය තුළ ඉරානයට සම්බන්ධ විය හැකි දළ වශයෙන් ඩොලර් බිලියන 14.7ක ගනුදෙනු ප්‍රමාණයක් තම ‘මූල්‍ය අපරාධ බලාත්මක කිරීමේ ජාලය’ (FinCEN) විසින් හඳුනාගෙන ඇති බවයි එක්සත් ජනපද භාණ්ඩාගාරය නිවේදන දෙකක් මගින් ප්‍රකාශ කළේ.

ඉරාන පාලන තන්ත්‍රය හා සම්බන්ධ අරමුදල්වලට එක්සත් ජනපද ආර්ථිකය තුළට ප්‍රවේශ වීම වැළැක්වීමේදී, මූල්‍ය ආයතන බොහෝ විට ආරක්ෂාවේ පළමු පෙළ ලෙස ක්‍රියා කරන බව භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් පැවසුවා.

නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ ජාතික ආරක්ෂක ආයතන වෙත මූල්‍ය බුද්ධි තොරතුරු ලබා දෙමින් සැක සහිත ගනුදෙනු වාර්තා කිරීමට ඇමරිකානු බැංකුවලට අවශ්‍ය බව දෙපාර්තමේන්තුව පැවසුවා.

තෙල්, නැව්ගත කිරීම, ආයෝජන සහ තාක්ෂණ ප්‍රසම්පාදනය සම්බන්ධ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, හොංකොං සහ සිංගප්පූරුව පුරා පැතිරී ඇති ජාල එමගින් හඳුනාගෙන තිබෙනවා.

#Iran#shadow banking#US#radical sri lanka

ආශ්‍රිත පුවත්