Radical Sri LankaIDEAS | MEDIA | IMPACTනවතම පුවත් පූරණය වෙමින්...
ප්‍රධාන අන්තර්ගතයට යන්න
IDEAS | MEDIA | IMPACT2026 නොවැම්බර් 23
Radical Sri LankaRadical Sri Lanka

නව කැලණි පාලමේ පිවිසුම් සහ පිටවීමේ මාර්ග කිහිපයක් අද සිට තාවකාලිකව වැසේ

ඉඟුරුකඩේ මංසන්ධියේ පිවිසුම් සහ පිටවීමේ මාර්ග කිහිපයක් අද (23) සිට තාවකාලිකව වසා තැබීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

සංස්කාරක මණ්ඩලය
මිනිත්තු 1ක කියවීමක්WhatsAppFacebook
නව කැලණි පාලම සහ වරාය පිවිසුම් උස් අධිවේගී මාර්ගය සම්බන්ධ කිරීම
නව කැලණි පාලම සහ වරාය පිවිසුම් උස් අධිවේගී මාර්ගය සම්බන්ධ කිරීම

ඉඟුරුකඩේ මංසන්ධියේ පිවිසුම් සහ පිටවීමේ මාර්ග කිහිපයක් අද (23) සිට තාවකාලිකව වසා තැබීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඒ, නව කැලණි පාලම සහ වරාය පිවිසුම් උස් අධිවේගී මාර්ගය සම්බන්ධ කිරීමේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන්.

ඒ අනුව අද රාත්‍රී 9.00 සිට නොවැම්බර් 25 වැනිදා අලුයම 5.00 දක්වා අදාළ මාර්ග වසා තැබීමට නියමිතයි.

නොවැම්බර් 25, 26 සහ 27 යන දිනවල ද රාත්‍රී 9.00 සිට පසුදින අලුයම 5.00 දක්වා මාර්ග වසා තැබෙන අතර, නොවැම්බර් 28 රාත්‍රී 9.00 සිට දෙසැම්බර් 01 වැනිදා අලුයම 5.00 දක්වා නැවත මාර්ග වසා තැබීමට සැලසුම් කර තිබෙනවා.

මෙම කාලසීමාව තුළ කටුනායක සහ ඔරුගොඩවත්ත දෙසින් පැමිණෙන වාහන සඳහා වරාය සහ ඉඟුරුකඩේ මංසන්ධිය දෙසට ගමන් කරන නව කැලණි පාලමේ පිටවීමේ මාර්ගය වසා තැබෙනවා.

එමෙන්ම, වරාය සහ ඉඟුරුකඩේ මංසන්ධිය දෙසින් කටුනායක සහ බොරැල්ල දෙසට ගමන් කරන වාහන සඳහා වන පිවිසුම් මාර්ගය ද අදාළ දිනවලදී තාවකාලිකව වසා තැබීමට නියමිතයි.

කෙසේ වෙතත්, නොවැම්බර් 25 සිට 27 දක්වා කාලය තුළ වසා තැබෙන්නේ කටුනායක සහ ඔරුගොඩවත්ත දෙසින් පැමිණෙන වාහන සඳහා වන පිටවීමේ මාර්ගය පමණක් බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.

මෙම මාර්ග වසා තැබෙන කාලසීමාවේදී කටුනායක සහ මහනුවර දෙසින් වරාය හෝ ඉඟුරුකඩේ මංසන්ධිය වෙත පැමිණෙන වාහන පෑලියගොඩ හෝ ඔරුගොඩවත්ත පිටවීම් භාවිත කළ යුතුයි.

ඔරුගොඩවත්ත දෙසින් වරාය වෙත ගමන් කරන වාහන නව කැලණි පාලමේ බිම් මට්ටමේ මාර්ගය භාවිත කළ යුතුයි.

ඉඟුරුකඩේ මංසන්ධිය හෝ වරාය දෙසින් කටුනායක වෙත ගමන් කරන වාහන බිම් මට්ටමේ මාර්ගය ඔස්සේ පෑලියගොඩ පිවිසුම භාවිත කළ යුතු බව ද දැනුම් දී තිබෙනවා.

එමෙන්ම, ඉඟුරුකඩේ මංසන්ධිය හෝ වරාය දෙසින් බොරැල්ල වෙත ගමන් කරන වාහන ද නව කැලණි පාලමේ බිම් මට්ටමේ මාර්ගය භාවිත කළ යුතුයි.

#NewKelaniBridge#entry#exit#RadicalSriLanka

ආශ්‍රිත පුවත්