ලිබියාවේදී රුසියානු යුද නෞකාවක් ගිල්වා දැමූ බව සෙලෙන්ස්කි කියයි
ලිබියානු වරායක තිබූ Merkury නම් රුසියානු නාවික යාත්‍රාවක් ඩ්‍රෝන යාත්‍රා හතක් යොදාගෙන යුක්‍රේනය විසින් ගිල්වා දැමූ බව ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසනවා.

ලිබියානු වරායක තිබූ Merkury නම් රුසියානු නාවික යාත්‍රාවක් (corvette) ඩ්‍රෝන යාත්‍රා හතක් යොදා ගනිමින් යුක්‍රේනය විසින් ගිල්වා දැමූ බව ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසනවා.
ඒ, ෆින්ලන්ත බොක්කේදී රුසියානු හමුදාවට සම්බන්ධ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වෙත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී සුළු වේලාවකට පසුවයි.
ඉරිදා දිනයේදී ලිබියාව ආසන්නයේ ප්‍රහාරයට ලක්වූ තවත් ඉලක්කයක් වූයේ රුසියානු වියළි භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන MV Angara නෞකාව බවත්, රුසියාව විසින් එය ආයුධ ප්‍රවාහනය සඳහා භාවිතා කර තිබූ බවත් සෙලෙන්ස්කි පැවසුවා.
රුසියානු Ka-27 සටන් හෙලිකොප්ටරයක් කොර්වෙට් යානය සමඟ විනාශ වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
සැක සහිත ඩ්‍රෝන ප්‍රහාරයකින් පසු Merkury ඉරිදා බෙන්ගාසි නාවික කඳවුරේ නැංගුරම් ලා ඇති බව ලිබියාවේ නැගෙනහිර පදනම් කරගත් රජය පැවසුවා.
සහයෝගිතා ගිවිසුමක් යටතේ රුසියාවට ආපසු යන අතරතුර ඉන්ධන පිරවීම සහ නැවත සැපයුම් සඳහා නෞකාව නතර කළ බවයි එහි සඳහන් වුණේ.





