ඩ්‍රෝන යානා ගැටීමෙන් පසු රුසියානු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගිනි ගනී
සෙනසුරාදා බෝල්ටික් මුහුදේදී ඩ්‍රෝන යානා ගැටීමෙන් පසු රුසියානු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගිනිගෙන තිබෙනවා. පසුව එය ෆින්ලන්ත මුහුදට ගසාගෙන ගොස් ඇති අතර, එමඟින් හෙල්සින්කි තාවකාලික ගුවන් සහ සමුද්‍රීය සීමාවන් පැනවීමට පියවර ගත්තා.

සෙනසුරාදා බෝල්ටික් මුහුදේදී ඩ්‍රෝන යානා ගැටීමෙන් පසු රුසියානු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගිනිගෙන තිබෙනවා.
පසුව එය ෆින්ලන්ත මුහුදට ගසාගෙන ගොස් ඇති අතර, එමඟින් හෙල්සින්කි තාවකාලික ගුවන් සහ සමුද්‍රීය සීමාවන් පැනවීමට පියවර ගත්තා.
යුක්‍රේනය ප්‍රහාරය පිටුපස සිටින බවයි ෆින්ලන්තය පැවසුවේ.
රුසියානු කලිනින්ග්‍රෑඩ් ප්‍රදේශයට යාත්‍රා කළ ස්පාටා II නෞකාව රුසියාවේ ගොග්ලන්ඩ් දූපතට බටහිරින් පිහිටි ජාත්‍යන්තර මුහුදේදී හානි වූ බව ෆින්ලන්ත ආරක්ෂක හමුදා පැවසූවා.
කාර්ය මණ්ඩලය, ජීවිතාරක්ෂක පාරු සහ ගලවා ගැනීමේ යාත්‍රාවක් වෙත මාරු කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.





