මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නිල වෙබ් අඩවිය ඊයේ රාත්‍රියේ සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇතැයි වාර්තා වනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නිල වෙබ් අඩවිය ඊයේ රාත්‍රියේ සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇතැයි වාර්තා වනවා.
වෙබ් අඩවියට එල්ල වූ සයිබර් ප්‍රහාරය හේතුවෙන් එම කාර්යාලයේ සේවා ලබාගැනීමට වෙන්කර ගන්නා වේලාවන් සඳහා කිසිදු බලපෑමක් සිදු නොවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව, හෙට සිට නාරාහේන්පිට පිහිටි එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ පූර්ව වේලාවන් වෙන්කර ගැනීමේ සේවා සාමාන්‍ය පරිදි බාධාවකින් තොරව ක්‍රියාත්මක වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
#DMT#Cyberattack#MotorTraffic#රැඩිකල්#RadicalSriLanka





