Radical Sri LankaIDEAS | MEDIA | IMPACTනවතම පුවත් පූරණය වෙමින්...
ප්‍රධාන අන්තර්ගතයට යන්න
IDEAS | MEDIA | IMPACT2026 නොවැම්බර් 21
Radical Sri LankaRadical Sri Lanka

යුද්ධය අවසන් කරන්න රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග අවශ්‍යයි - ඉරානය; කොන්දේසි පිළිගත නොහැකියි - ට්‍රම්ප්

ටෙහෙරානය තවමත් රාජ්‍ය තාන්ත්‍රිකව එක්සත් ජනපදය සමඟ ඇති යුද්ධය අවසන් කළ හැකි යැයි බලාපොරොත්තු වන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසනවා. කෙසේ නමුත් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ඉරානයට ගිවිසුමක් අවශ්‍ය නමුත් එය තමන්ට පිළිගත නොහැකි ගිවිසුමක් බවයි.

සංස්කාරක මණ්ඩලය
මිනිත්තු 1ක කියවීමක්WhatsAppFacebook
Diplomatic measures needed to end the war – Iran
Diplomatic measures needed to end the war – Iran

ටෙහෙරානය තවමත් රාජ්‍ය තාන්ත්‍රිකව එක්සත් ජනපදය සමඟ ඇති යුද්ධය අවසන් කළ හැකි යැයි බලාපොරොත්තු වන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසනවා.

කෙසේ නමුත් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ඉරානයට ගිවිසුමක් අවශ්‍ය නමුත් එය තමන්ට පිළිගත නොහැකි ගිවිසුමක් බවයි.

ඉරානය සහ වොෂින්ටනය අතර අතරමැදියන් මාර්ගයෙන් පණිවිඩ හුවමාරු වීම දිගටම සිදුවන බවත්, “තවදුරටත් යුද්ධයක් ඇති නොවන බව සහතික කරන ගිවිසුමක්” ටෙහෙරානය විසින් අපේක්ෂා කරන බවත් අරග්චි පෙන්වා දෙනවා.

තවදුරටත් ඉදිරියට යාමට පෙර, සාකච්ඡා සම්බන්ධයෙන් වොෂින්ටනය අවංකවම උනන්දුවක් දක්වන බවට සහතිකයක් ඉරානයට අවශ්‍ය බව ඔහු සඳහන් කළා.

එමෙන්ම, විශ්වාසය ගොඩනැගීමේ පියවරවල ස්වරූපය සහ ස්වභාවය පිළිබඳව ඉරානය මැදිහත්කරුවන් සමඟ සාකච්ඡා කර ඇති බව ද ඔහු සඳහන් කළා.

ඉරානයේ රතු රේඛාවලට එහි අධික ලෙස වැඩිදියුණු කළ යුරේනියම් රට තුළ තබා ගැනීම ඇතුළත් බව විදේශ අමාත්‍යවරයා පැවසූවා.

නමුත් “සාධාරණ විසඳුමක්” තවමත් සාකච්ඡා කළ හැකිව තිබෙන බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර සිකුරාදා පැවති මාධ්‍ය හමුවකදී ට්‍රම්ප් සඳහන් කළේ “ඔවුන්ට ගිවිසුමකට එළඹීමට අවශ්‍යයි, නමුත් මට පිළිගත හැකි ආකාරයේ ගිවිසුමකට එළඹීමට ඔවුන්ට අවශ්‍ය නැහැ.” යනුවෙන්.

#Iran#Trump#Diplomatic#America

ආශ්‍රිත පුවත්