ප්‍රධාන අන්තර්ගතයට යන්න
IDEAS | MEDIA | IMPACT2026 නොවැම්බර් 20
Radical Sri LankaRadical Sri Lanka

පාකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් වහා නිදහස් කරන්නැයි ජාත්‍යන්තරයෙන් පාකිස්ථාන බලධාරීන්ට බලපෑම්

පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වහාම නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් පාකිස්ථාන බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා. මේ ඉල්ලීම පිළිබද වාර්තා වන්නේ ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ ඔහු දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය ඉහළ ගොස් ඇති පසුබිමකයි.

සංස්කාරක මණ්ඩලය
මිනිත්තු 1ක කියවීමක්WhatsAppFacebook
Former Prime Minister of Pakistan Imran Khan
Former Prime Minister of Pakistan Imran Khan

පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වහාම නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් පාකිස්ථාන බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා.

මේ ඉල්ලීම පිළිබද වාර්තා වන්නේ ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ ඔහු දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය ඉහළ ගොස් ඇති පසුබිමකයි.

CNN නාලිකාවේ ක්‍රිස්ටියන් අමන්පූර් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් සඳහන් කර ඇත්තේ, ඉම්රාන් ඛාන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සහ ඔහු නිදහස් කිරීම සඳහා කඩිනම් පියවර ගත යුතු බවයි.

එමෙන්ම, පාකිස්ථාන රජය සහ විපක්ෂය අතර පවතින දේශපාලන නොසන්සුන්තාව සමනය කිරීම සඳහා ඛාන් නිදහස් කිරීම වැදගත් පියවරක් වනු ඇති බව ද ඔහු පෙන්වා දී තිබෙනවා.

මේ අතර, ඉම්රාන් ඛාන්ගේ පුත් කාසිම් ඛාන් ද සිය පියාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කරමින් ජාත්‍යන්තර ප්‍රජාවේ මැදිහත්වීම ඉල්ලා තිබෙනවා.

X සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ඔහු පාකිස්ථාන හමුදා නායකත්වයට බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇති අතර, සිය පියාට යම් හානියක් සිදුවීමට පෙර ක්‍රියාත්මක වන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා තිබෙනවා.

මේ අතර, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ද ඉම්රාන් ඛාන් රඳවා සිටින තත්ත්වයන් පිළිබඳව කනස්සල්ල පළ කර තිබෙනවා.

පසුගිය මාර්තු මාසයේ සිට සිය පුතුන් සමඟ දුරකථනයෙන් සම්බන්ධ වීමට පවා ඔහුට අවස්ථාව ලබාදී නොමැති බවට එම සංවිධානය චෝදනා කරනවා.

ඉම්රාන් ඛාන්ගේ රුධිර පීඩනය සම්බන්ධයෙන් බරපතළ සංකූලතා පවතින බවට වාර්තා පළ වී ඇති අතර, ස්වාධීන වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට අවස්ථාව සලසා දෙන ලෙස ද මානව හිමිකම් සංවිධාන ඉල්ලා සිටිනවා.

#ImranKhan#Pakistan#UNHRC#radicalSriLanka#RadicalNews

ආශ්‍රිත පුවත්