Radical Sri LankaIDEAS | MEDIA | IMPACTනවතම පුවත් පූරණය වෙමින්...
ප්‍රධාන අන්තර්ගතයට යන්න
IDEAS | MEDIA | IMPACT2026 නොවැම්බර් 21
Radical Sri LankaRadical Sri Lanka

2027 අයවැය කාරක සභා විවාදය අද සිට

අද පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ඒ, කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. අයවැය තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය අද සිට ලබන දෙසැම්බර් මස 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

සංස්කාරක මණ්ඩලය
මිනිත්තු 1ක කියවීමක්WhatsAppFacebook
2027 අයවැය කාරක සභා විවාදය අද සිට
2027 අයවැය කාරක සභා විවාදය අද සිට

අයවැය තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය අද ආරම්භ වනවා.

එම විවාදය අද සිට ලබන දෙසැම්බර් මස 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව අද දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ, කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.

තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6ට පැවැත්වීමට නියමිතයි.

ජාතික ජන බලවේග රජයේ තෙවන අයවැය වන 2027 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය ඉකුත් 12 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඊට අදාළ දෙවනවර කියවීමේ විවාදය 13 වනදා සිට ඇරඹුණා.

ඒ අනුව දින 7ක කාලයක් අයවැය දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමෙන් අනතුරුව ඡන්ද විමසීම ඊයේ පස්වරුවේ පැවැත්වුණා.

එහිදී 2027 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 97 කින් සම්මත වුණු අතර  අයවැයට පක්ෂව ඡන්ද 157ක් ද විපක්ෂව ඡන්ද 60ක් ද ලැබුණා.

අනතුරුව අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් තෙවන වර කියවීමේ විවාදය අද සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19ක කාලයක් පුරා පැවැත්වෙනවා.

රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දිනද ඇතුළුව සෑම දිනකම පෙ.ව. 9.30 ට මෙම අයවැය විවාද වෙනුවෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

#2027Budget#BudgetDebate#Parliament#AKD#RadicalSriLanka

ආශ්‍රිත පුවත්