14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka NewsMCC ගිවිසුම නැවත සමාලෝචනයට රජය තීරණය කළ බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි...

MCC ගිවිසුම නැවත සමාලෝචනයට රජය තීරණය කළ බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි …

-

ඇමරිකානු එක්සත් ජනපදය සමඟ ඉකුත් රජය විසින් අත්සන් කිරීමට සූදානම් වූ  Millennium Challenge Corporation වැඩපිළිවෙළ යටතේ ගිවිසුම්  පිළිබඳව නැවත සමාලෝචනයක් සිදු කිරීමට රජය තීරණය කර ඇති බවත් එතෙක් අදාළ ගිවිසුම්වලට එළඹීමට රජය කිසිදු පියවරක් නොගන්නා බවත් නීතිපතිවරයා අද(13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

Millennium Challenge වැඩපිළිවෙළ යටතේ ගිවිසුම්වලට එළඹීම  වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා  ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් ෆර්සානා ජමීල් මහත්මිය මෙම දැනුම්දීම සිදු කර ඇත.

මෙම පෙත්සම් අද බුවනෙක අලුවිහාරේ, එල්.ටී..බී දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ල කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ රජයේ අතිරේක සොලිස්ටර් ජනරාල් ෆර්සානා ජමීල් මහත්මිය ඇමරිකාව සමඟ අත්සන් කිරීමට යෝජනා කර තිබූ මිලේනියම් චැලේන්ජ්  ගිවිසුම් යළි සමාලෝචනයට ලක් කිරීමට වත්මන් රජය තීන්දු කර ඇති බව සඳහන් කළේය.

එතෙක් මෙම ගිවිසුම් අත්සන් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බව රජයේ අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරිය අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව පෙත්සම නැවත මාර්තු මස 25 වනදා කැඳවීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එදිනට මෙම කටයුතු වල ප්‍රගතිය වාර්තා කරන මෙන් ද නියම කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, නීතිඥ දර්ශන වේරදුවගේ සහ පූජ්‍ය අගුරුවැල්ලේ ජිනානන්ද හිමියන් යන පාර්ශව විසින් පෙත්සම් ගොනු කර තිබූණි.

පෙත්සම්කරුවන් කියාසිටින්නේ Millennium Challenge Corporation වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකා රජය ඇමරිකානු රජය සමඟ හමුදාවන් ස්ථානගත කිරීමේ ගිවිසුම, අත්පත් කර ගැනීම හා අන්තර් සේවා සැපයීමේ ගිවිසුම සහ සහස්‍ර අභියෝග සංස්ථා සංයුක්ත ගිවිසුම යන ගිවිසුම් කීපයකට එළැඹීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති බවට ඉකුත් 30වන දා පළ වූ මාධ්‍ය වාර්තා වලින් දැන ගත් බවයි.

පාර්ලිමේන්තුවේ සහ මහජනතාවගෙන් කිසිදු අනුමැතියකින් තොරව අත්සන් කිරීමට නියමිත මෙම ගිවිසුම තුළින් රටේ ජාතික ආරක්ෂාවට සහ ස්වෛරීභාවයට බරපතළ අගතියක්  සිදුවිය හැකි බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් ඒ තුළින්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවයි කියා සිටින්නේ.

එබැවින් මෙම ගිවිසුම් මාලාවට එළඹීමට රජය විසින් ගෙන ඇති තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම ගිවිසුම්වලට අත්සන් තැබීම වැලැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විදේශ කටයුතු ඇමති තිලක් මාරපන සහ  මුදල් අමාත්‍ය මංගල සමරවීර ඇතුළු පිරිසක් නම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
28 ° C
28 °
28 °
83 %
3.8kmh
71 %
Sat
28 °
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
29 °

Must Read

SPORT