මෙරටට එන සංචාරකයින් වෙනුවෙන් නව කොවිඩ් නීති…

0
10

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් නව කොවිඩ් නීති හඳුන්වාදීමට සංචාරක අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව මෙරටට පැමිණෙන සංචාරකයන් කොවිඩ් මර්දන එන්නත ලබාගත් කාඩ්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය වනවා.

එලෙස කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් සංචාරකයන් මෙරටට පැමිණීමට පැය 72කට පෙර ලබා ගත් පී.සී.ආර්. වාර්තාවක් ඉදිරිපත් කර යුතුයි.

ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම රටවල සංචාරකයන් සඳහා මෙම රෙගුලාසි අදාළ වන බවයි සංචාරක අමාත්‍යාංශය පවසන්නේ.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here