උණුසුම් වූ ලෝක කුසලානය…

0
23

20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයේ තරගකාරීත්වය තවදුරටත් වර්ධනය කරමින් අද පැවැති තරගවලින් ජයග්‍රහණ වාර්තා කිරීමට ශ්‍රී ලංකා සහ එංගලන්ත කණ්ඩායම් සමත් වුණා.

ඇෆ්ගනිස්තානට එරෙහි තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ කඩුළු 06 කින්. එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 08 ක් දැවී ලකුණු 144 ක් රැස් කළා.

පන්දු යැවීමේදී වනිඳු හසරංග ලකුණු 13 කට කඩුළු 03 ක් දවා ගැනීමට සමත්වුණා. ලහිරු කුමාර ලකුණු 30 කට කඩුළු 02 යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 03 කදී කඩුළු 04 කට ලකුණු 148 ක් වාර්තා කරමින් එම තරගයේ ජය වාර්තා කළා.

ශ්‍රී ලංකා පිළ ජයග්‍රහණය කරා කැඳවාගෙන ගිය ධනංජය ද සිල්වා පන්දු 42 කදී ලකුණු 66 ක් රැස් කිරීමට සමත් වුණා. ඒ හතරේ පහර 06 ක් සහ හයේ පහර 02 ක් ද සමගයි. කුසල් මෙන්ඩිස් පන්දු 27 කදී ලකුණු 25 යි.

තරගයේ වීරයා ලෙස වනිඳු හසරංග සම්මාන හිමිකර ගත්තා.

මේ අතර නවසීලන්තය සමග අද පස්වරුවේ පැවැති තරගය එංගලන්ත කණ්ඩායම ජය ගත්තේ ලකුණු 20 කින්. එම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 06 ක් දැවී ලකුණු 179 ක් රැස් කළා.

ජෝස් බට්ලර් පන්දු 47 කදී ලකුණු 73 යි. ඇලෙක්ස් හේල්ස් පන්දු 40 කදී ලකුණු 52 ක් රැස් කළා.

ලකුණු 180 ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 06 ක් දැවී රැස් කිරීමට හැකිවුණේ ලකුණු 159 ක් පමණයි.

ග්ලෙන් පිලිප්ස් පන්දු 36 කදී ලකුණු 62 ක් රැස් කළා.
මෙම තරග දෙකේ ප්‍රතිපල අනුව සුපිරි 12 වටයේ පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ වෙනස්කම් කිහිපයක් සිදුවුණා.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම එම ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ප්‍රසාද ලකුණු 05 ක්ද සමගයි.

ප්‍රසාද ලකුණු 05 බැගින් ලබාගෙන සිටින නවසීලන්තය සහ ඔස්ටේ්‍රලියාව පිළිවෙළින් පළමු හා 03 වන ස්ථානවල රැඳී සිටිනවා. ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 04 ක් සමගින් රැඳී සිටින්නේ හතරවන ස්ථානයේයි.

ඒ අනුව එංගලන්තය සමග එළඹෙන 05 වනදා පැවැත්වෙන තීරණාත්මක තරගය ජයගත හොත් ශ්‍රී ලංකාවට මෙවර ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට හැකි අවස්ථා 02 ක් නිර්මාණය වී තිබෙනවා.

එළඹෙන 04 වනදා පැවැත්වෙන තරගයේදී ඇෆ්ගනිස්තානය, ඔස්ටේ්‍රලියාව පරාජය කලහොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තබා ගැනීමට අවස්ථාවක් හිමිවනවා.

අයර්ලන්තය සහ නවසීලන්තය, අත තරගයෙන් අයර්ලන්ත තකණ්ඩායම ජය ගත හොත් ශ්‍ර ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට තවත් අවස්ථාවක් හිමිවනු ඇති.

කෙසේවෙතත් මෙවර තරගාවලියේ දක්ෂතා අනුව ඇෆ්ගනිස්තානයට සහ අයර්ලන්තයට එම ප්‍රතිවාදීන් පරාජය කිරීම පහසු නොවන බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here