වාහන ආනයනය ගැන ගත්ත තීරණය…

0
14

විගමනික ශ්‍රමිකයින් හට නීත්‍යානූකූල මාර්ග ඔස්සේ ප්‍රේෂණ එවීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ඔවුන් ට අමෙරිකානු ඩොලර් 25,000ක උපරිමයකට යත්ව රෝද දෙකකින් යුත් විද්‍යුත් වාහනයක් ද, අමෙරිකානු ඩොලර් 65,000ක උපරිමයකට යටත්ව රෝද හතරකින් යුත් පූර්ණ විද්‍යුත් වාහනයක් ද ආනයනය කිරීමට සඳහා පහසුකම් සැපයේ.

එහිදී 2023.04.30 වන දින දක්වා හෝ වාහනයක් ආනයනය කිරීම සඳහා අයදුම් පත්‍රයක් ඉදිරිපත් කරනු ලබන දින දක්වා ප්‍රේෂණය කරනු ලබන විදේශ විනිමය වටිනාකමින් 50%ක් සක්වා වන CIF වටිනාකමින් යුත් රෝද දෙකක් සහිත විද්‍යුත් වාහනයක් ආයනයට අවසර හිමිවේ.

2022.05.04 වන දින සිට 2023.12.31 වන දින දක්වා මෙරටට ප්‍රේෂණය කරනු ලබන විදේශ විනිමය වටිනාකමින් 50%ක් දක්වා වන CIF වටිනාකමින් යුත් රෝද හතරක් සහිත විද්‍යුත් වාහනයක් ආනයනය කිරීම සඳහා ද අවසර හිමිව තිබේ.

කම්කරු අමාත්‍යවරයා විසින් එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here