14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka Newsරෝහල් පද්ධතිය බිද වැටෙමින්.. අත්‍යවශ්‍ය ඖෂධ 90ක් හිගයි…

රෝහල් පද්ධතිය බිද වැටෙමින්.. අත්‍යවශ්‍ය ඖෂධ 90ක් හිගයි…

-

අද වන විට දිවයිනේ බොහෝ රජයේ රෝහල්වල අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 90කට අධික ප්‍රමාණයක උග්‍ර හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියේ එම ඖෂධ හිඟය හේතුවෙන් මෙරට රෝහල් ජාලය කඩා වැටෙමින් ඇති බවයි. ‘වර්තමාන ඖෂධ හිඟය දිනෙන් දින ඉහළ යන බව අපි නිරීක්ෂණය කලා. කොළඹ නගර සීමාවේ දිස්ත්‍රික් රෝහල් වැනි රෝහල් පවා ඖෂධ හිඟයකට මුහුණ දී ඇති බව සංගමයේ ශාකා අප වෙත දන්වා තිබෙනව. පැරසිටමෝල්, පිරිටන්, සේලයින් ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් පවතිනවා. ඇස්පිරින් වැනි හදිසි ඖෂධ කොළඹ මහ රෝහලේ පවා හිඟයි. ශල්‍යකර්ම සිදු කිරීමේදී ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟයක් පවා පවතිනවා. ඒ නිසා ෆාමසිවලින් බෙහෙත් ගන්න කියලා වෛද්‍යවරුන්ට උපදෙස් දෙන්න වෙනවා. මේ වන විට ඔසුසැල්වල ඖෂධ හිඟ වෙමින් පවතින අතර රෝගීන්ට දරාගත නොහැකි ඖෂධ හිඟය හේතුවෙන් බොහෝ ඔසුසල්වල ඖෂධ වැඩි මිලට අලෙවි කරමින් තිබෙනවා.

දැනට පවතින ඖෂධ හිඟ තත්ත්වය ඖෂධ ලබා ගැනීමට උත්සාහ කරන රෝගීන්ට අසීරු බවට පත්ව තිබේ. අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟය හේතුවෙන් එක්ස් කිරණ, ස්කෑන් පරීක්ෂණ වැනි රසායනාගාරවල ගැටලු පවතී’ යයිද වෛද්‍ය අලුත්ගේ මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
28 ° C
28 °
28 °
83 %
3.8kmh
71 %
Sat
28 °
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
29 °

Must Read

SPORT