14.3 C
New York
Monday, April 21, 2025
HomeSri Lanka Newsරටේ තත්ත්වය ගැන මහ බැංකු අධිපතිගෙන් අනතුරු ඇඟවීමක්...

රටේ තත්ත්වය ගැන මහ බැංකු අධිපතිගෙන් අනතුරු ඇඟවීමක්…

-

රටේ තත්ත්වය ගැන මහ බැංකු අධිපතිගෙන් අනතුරු ඇඟවීමක්…

රටේ නීතිය හා සාමය නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම ආර්ථික අර්බුදවලින් ගොඩඒමට උදව් නොවන බව මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය.

රටේ අගමැතිවරයෙක් නැති මුදල් ඇමතිවරයෙක් නැති පාර්ලිමේන්තුවේ කිසියම් ක්‍රියාවක් සිදුනොවන විධායක ජනාධිපතිවරයෙක් පමණක් සිටින අකර්මණ්‍ය වූ තත්ත්වයක් පවතින බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

හැකිතරම් ඉක්මණින් යම්කිසි ආකාරයක ස්ථාවර පාලන ක්‍රමයක්, ස්ථාවර රජයක් පත්කළ යුතු බවද මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ජනතා නියෝජිතයින් 225 දෙනාගේ සහ ජනාධිපතිවරයාගේ ප්‍රධාන වගකීම එය බවද මහ බැංකු අධිපතිවරයා පෙන්වාදුනි.

එහිදී මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ රටේ නීතිය හා සාමය මීට වඩා හොඳ ආකාරයකින් පවත්වාගෙන යාමට හැකියාව ඇති රජයක් පත්කිරීම අත්‍යවශ්‍ය බවය.

එවැනි ස්ථාවර තත්ත්වයක් කෙටි කාලයකින් ලබාගත නොහැකි නම් රට අරාජික වන බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

තවත් දවස් කිහිපයක් මේ තත්ත්වය පැවතියහොත් පැය 10ට වැඩි විදුලි කප්පාදුවක්, ඉන්ධන නොමැති වීමක්, ඇතිවිය හැකි බවද මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙයි.

එසේම සාමකාමීව අරගලයේ නිරතව සිටි අයට සිදුකළ පහරදීම පිළිකුල් සහගත හෙළාදකින බවද මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

“මේ සතියේ රටේ ඇතිවූ තත්ත්වය නිසා අපි මෙතෙක් කල් අපහසුවෙන් ලබාගත් ප්‍රගතියේ දිශාව දැන් වෙනස්වී ගෙන යන්නේ.”

“ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුවෙන රටක ආර්ථිකය යථා තත්ත්වයට පත් කරන්න බැහැ. එහෙම උත්සාහ කරත් වැඩක් නැහැ.” 

“නීතිය හා සාමය ආරක්ෂාකිරීමට අපොහොසත්වීම, දේශපාලන අස්ථාවරත්වය අපේ අර්බුදයෙන් ගොඩඒමට තිබෙන මාර්ගය තවත් අසීරු කරනවා.”

“දැන් අපි පත්වෙලා තියෙන්නේ විධායක ජනාධිපතිවරයෙක් පමණක් සිටින අකර්මන්‍ය වෙච්ච තත්ත්වයකට.”

“මේ අවස්ථාවේ පවතින තත්ත්වය සමථයකට පත්කළ හැකි තත්ත්වයක් ඇති කිරීමට ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ සියලුම ජනතා නියෝජිතයින් ඉක්මණින් කටයුතු කළ යුතුයි.”

“තවත් ප්‍රමාද වෙන්න බැහැ. එහෙම බැරිනම් මහ බැංකුව වශයෙන් අපිට ප්‍රකාශ කරන්න වෙනවා ආර්ථිකය තවත් අරාජික තත්ත්වයකට පත්වෙනවා කියලා.”

“තවත් දවස් කිහිපයක් මේ තත්ත්වය පැවතුනොත්
ගෑස්, ඉන්ධන, විදුලිය, අත්‍යවශ්‍ය භාණ්ඩ මේ තියෙන තත්ත්වයෙන්වත් නැති වෙයි. පැය 10ක් විතර විදුලිය කපයි. ජනතාව පාරට එයි.” 

“වේගයෙන් පහළට ගිය ආර්ථිකය අපි පසුගිය මාසය තුළ පහළට ගියත් ඒ වේගය අඩුකර ගත්තා. නමුත් රමේ හදිසියේ ඇතිවූ සිදුවීමත් සමග තවදුරටත් ආර්ථිකය අල්ලගෙන ඉන්න බැහැ. එහෙම අල්ලගත්තත් වැඩක් වෙන්නේ නෑ. වේගෙන් පහළට තමයි යන්නේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
28.8 ° C
28.8 °
28.8 °
75 %
3.2kmh
81 %
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
29 °
Fri
30 °

Must Read

SPORT