14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka Newsමෙරට නිල සංචිත වත්කම පහළට…

මෙරට නිල සංචිත වත්කම පහළට…

-

මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය මෙම වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඔක්තෝබර් මාසය තුළ පහළ බැස තිබේ.

සැප්තැම්බර් මාසයේ මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 1,779ක් පැවැති බව මහ බැංකුව සඳහන් කළේය.

එය ඔක්තෝබර් මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 1,704ක් දක්වා පහත බැස ඇත.

ඒ අනුව, සැප්තැම්බර් මාසයට සාපේක්ෂය ඔක්තෝබර් මාසය තුළ මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය සියයට 4.2කින් පහත බැස ඇති බව මහ බැංකුව සඳහන් කළේය.

මේ අතර, 2021 වසරේ සැප්තැම්ර් මස අපනයන ආදායමට සාපේක්ෂව මෙම වසරේ සැප්තැම්බර් මස අපනයන ආදායම සියයට 4.3කින් ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, මෙම වසරේ සැප්තැම්බර් මස අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,079ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

නමුත් මෙම වසරේ අගෝස්තු මස අපනයන ආදායමට සාපේක්ෂව සැප්තැම්බර් මස අපනයන ආදායම පහළ බැස ඇත.

කෙසේවෙතත් මේ වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව මෙරට ආනයන වියදම සැප්තැම්බර් මාසය තුළ සියයට 15.8කින් පහළ බැස ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.

අගෝස්තු මාසයේ මෙරටට ආනයන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 1,486ක් වන අතර එය සැප්තැම්බර් මසයේ අමෙරිකානු ඩොලර් මිලියන 1,284ක් දක්වා පහත බැස ඇති බව සඳහන් විය.

එමෙන්ම මේ වසරේ අගෝස්තු මාසයේ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ප්‍රමාණයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ ප්‍රෙෂ්ණ ප්‍රමාණයේ වැඩිවීමක් පෙන්නුම් කර තිබේ.

අගෝස්තු මාසය තුළ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 325ක් ලැබී ඇති බව සඳහන් වේ.

සැප්තැම්බර් මාසය තුළ එම ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 359ක් බව මහ බැංකුව සඳහන් කළේය.

එය මේ වසරේ මේ දක්වා ලැබී ඇති වැඩිම විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ප්‍රමාණය බව සඳහන් විය.

මේ අතර, මේ වසරේ සැප්තැම්බර් මාසය අවසන් වන විට දළ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 1.8ක් බව සඳහන් වේ.

ඊට චීන මහජන බැංකුවෙන් ලද අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත් බව මහ බැංකුව වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
30 ° C
30 °
30 °
76 %
3.1kmh
79 %
Sun
30 °
Mon
30 °
Tue
29 °
Wed
29 °
Thu
29 °

Must Read

SPORT