14.3 C
New York
Sunday, April 20, 2025
HomeHEALTH & FITNESSකොරෝනා රෝගීන්ගේ ඥාතීන් 13 ක් සැකපිට රෝහල් ගත කරයි...

කොරෝනා රෝගීන්ගේ ඥාතීන් 13 ක් සැකපිට රෝහල් ගත කරයි…

-

කොරෝනා රෝගීන්ගේ ඥාතීන් 13 ක් සැකපිට රෝහල් ගත කරයි…

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වු බවට සැකකෙරෙන පුද්ගලයින් 13 දෙනෙකු අද(13) රෝහල් ගතකර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැසුවේ, අද රෝහලට ඇතුළත් කළ පුද්ගලයින් දැනට සොයාගත් ලාංකික කොරෝනා රෝගීන් දෙදෙනාගේ ඥාතීන් සහ ඇසුරු කළ පුද්ගලයින් බවයි.

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකකෙරෙන පුද්ගලයින් 62 දෙනෙකු මේ වන විට රෝහල් 13 ක ප්‍රතිකාර ලබමින් සිටියි.

වෛරසය ආසාදනය වු බවට තහවුරු වු පුද්ගලයින් දෙදෙනා ප්‍රතිකාර ලබන්නේ, අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේයි.

පසුගිය බදාදා වෛරසය ආසාදනය වු බවට මෙරටින් තහවුරු වු පළමු පුද්ගලයා ඇසුරු කළ පුද්ගලයින් 5 දෙනෙකු සැකපිට රෝහල් ගත කර තිබේ.

එමෙන්ම දෙවැනි ආසාදිතයාගේ පවුලේ සාමාජිකයින් 12 දෙනෙකු අතරින් 8 දෙනෙකු ද අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුලත් කෙරුණි.

රෝහල් ගත කළ පිරිස අතර කුඩා ළමුන් 4 දෙනෙකුද සිටින බව වාර්තා වෙයි.

කොළඹ ප්‍රෙද්ශයේ ඔවුන් පදිංචිව සිටි නිවස ද මේවන විට නිරෝධානය කරමින් පවතින බව වාර්තා වෙයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද අද මාධ්‍ය හමුවක් කැඳවමින් වෛරසයේ බලපෑම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය.

මෙරටදි සිදුවන නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද අද පැවති සෞඛ්‍ය බලධාරින්ගේ මාධ්‍ය හමුවේදි අදහස් පළ විය.

මේ අතර ඉතාලියේ බ්‍රේෂියාහිදි කොරෝනා වෛරසය ආසාදනය වු ශ්‍රී ලාංකික කාන්තාව සම්පුර්ණ සුවය ලබා අද රෝහලින් පිටත්ව ගොස් තිබේ.

ඇය මේ වන විට ඉතාලියේ සේවය කරන නිවසට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් විදෙස් ගතකිරිම සඳහා අනුමැතිය ලබානොදිමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබේ.

මෙම තීරණයට එළැඹ ඇත්තේ, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරින් සහ බලපත්‍රලාභි විදේශ රැකියා නියෝජිතායතන සමග අද පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.

මේ අතර කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් රටවල් 11 සිට පැමිණෙන සංචාරකයින්ට තහනමක් පැනවීමට රජය තීරණය කර තිබේ.

සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ, හෙට රාත්‍රී සිට අදාළ තහනම ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවට බල පැවැත්වෙන බවයි.

ඊට අමතරව ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්වීඩනය, ඔස්ට්‍රියාව යන රටවල් සඳහා ලබන 15 වැනිදා රාත්‍රියේ සිට අදාළ සංචාරක තහනම ක්‍රියාත්මක වෙයි.

මේ අතර ශ්‍රී ලංකා ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්ය ආයතනය පවසන්නේ, සියලු විදෙස් සංචාරකයින්ගේ පැමිණීම තාවකාලිකව නතර කරන ලෙසයි.

මේ අතර, උසස් අධ්‍යාපන අමාත්‍යංශය රජයේ සියලු විශ්වවිද්‍යාල හෙට සිට සති දෙකක කාලයක් වසා දැමීමට තිරණය කළේය.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය නියෝග කර ඇත්තේ, නැවත දැනුම් දෙන තෙක් දිවයිනපුරා සියලු පෙරපාසල් වසා දමන ලෙසයි.

මේ අතර මෙරට වැඩබලන චීන තානාපතිවරයා හා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අතර හමුවක් ඊයේ පස්වරුවේ චීන තානාපති කාර්යාලයේදි පැවැත් විය.

වැඩබලන තානාපතිවරයා එහිදී පවසා ඇත්තේ, මෙරට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වුවහොත් එය මැඩ පැවැත්විමට අවශ්‍ය සහාය ලබා දිමට චීන රජය සූදානම් බවයි.

ඒ අනුව එහි පළමු අධියර යටතේ සායනික මුහුණු ආවරණ 50,000 ක් හා සායනික ඇඳුම් කට්ටල 1000 ක් ලබා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
30 ° C
30 °
30 °
76 %
3.1kmh
79 %
Sun
30 °
Mon
30 °
Tue
29 °
Wed
29 °
Thu
29 °

Must Read

SPORT