14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka Newsසුපිරි පාපන්දු තරුව මෙසීට මරණ තර්ජන…

සුපිරි පාපන්දු තරුව මෙසීට මරණ තර්ජන…

-

ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියොනල් මෙසීට මරණ තර්ජන එල්ල කළ පුවතක් විදෙස් මධ්‍ය වාර්තා කරනවා.

ඊයේ (02) අලුයම් කාලයේ මෙසීගේ බිරිඳගේ ඥාති කාන්තාවට අයත් සුපිරි වෙළඳසැලකට තුවක්කුකරුවන් දෙදෙනෙකු පැමිණ වෙඩි ප්‍රහාරයක් එල්ලකර මෙලෙස මෙසීට මරණ තර්ජන සිදුකර පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

“Unico” නැමති මෙම වෙළඳසැල ආර්ජන්ටිනාවේ සැන්ට ෆේ පළාතේ පිහිටි රොසරියෝ නගරයේ පිහිටා ඇති අතර, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි ප්‍රහාර 14ක් වෙළඳසැලට එල්ල කර ඇති බව සඳහන්.

අනතුරුව වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරුවන් දෙදෙනා වෙළඳසැල ඉදිරිපිට බෝඩ් කැබැල්ලක් දමා ගොස් ඇති අතර, එහි පාපන්දු තරුව වන මෙසීට තර්ජනාත්මක ආමන්ත්‍රණයක් සඳහන් කර තිබෙනවා.

“Messi, we are waiting for you, Javkin is a drug dealer, He is not going to look after you” (මෙසී, අප ඔබ පැමිණෙන තෙක් බලාසිටින්නෙමු. ජවකින් කියන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්, ඔහුට බෑ ඔබව ආරක්ෂා කරන්න) යනුවෙන් එහි සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණේ.

කෙසේ වෙතත් මෙම තර්ජනාත්මක ප්‍රකාශය පිළිබඳව මෙසී හෝ ඔහුගේ බිරිඳ වන ඇන්ටොනෙලෝ රකුසෝ හෝ පවුලේ කිසිවෙක් මේ දක්වා කිසිඳු ප්‍රකාශයක් සිදුකර නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
30 ° C
30 °
30 °
76 %
3.1kmh
79 %
Sun
30 °
Mon
30 °
Tue
29 °
Wed
29 °
Thu
29 °

Must Read

SPORT