14.3 C
New York
Sunday, April 20, 2025
HomeWorldවිශාල අඩපණවීමකින් පසු වෙබ් අඩවි නැවත ක්‍රියාකාරීවෙයි...

විශාල අඩපණවීමකින් පසු වෙබ් අඩවි නැවත ක්‍රියාකාරීවෙයි…

-

විශාල අඩපණවීමකින් පසු වෙබ් අඩවි නැවත ක්‍රියාකාරීවෙයි…

ඇමසන්, රෙඩිට් සහ ට්විච් ඇතුළු ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවි ගණනාවක් අඟහරුවාදා (ජුනි 08) යම් සුළු කාලයකට අඩපණ විණි.

ෆිනෑන්ෂල් ටයිම්ස්, ගාඩියන් සහ නිව් යෝර්ක් ටයිම්ස් මෙන්ම එක්සත් රාජධානියේ රජයේ වෙබ් අඩවිය වන gov.uk ද අකර්මන්‍ය විය.

බලපෑමට ලක්වූ වෙබ් අඩවි “Error 503 Service Unavailable” යන පණිවිඩය ප්‍රදර්ශනය කළේය.

ප්‍රධාන වෙබ් අඩවි රාශියක අන්තර්ජාල ගබඩා පහසුකම් (Cloud computing) සැපයුම්කරු වන ෆාස්ට්ලි, මෙම ගැටලුවට මුහුණදී සිටින බවක් පෙනෙන්නට තිබුණි.

සමාගම සිය ගෝලීය අන්තර්ගත බෙදාහැරීමේ ජාලයෙහි (global content delivery network (CDN)) ඇති ගැටලු පිළිබඳව සොයා බලමින් විසඳුමක් සපයමින් සිටින බව පැවසීය. අඩපණ වූ වෙබ් අඩවි ද නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමට පටන් ගෙන තිබිණි.

වෙබ් අඩවි පූර්ණය වීමේ වේලාවන් (loading times) අවම කිරීම මෙන්ම සේවා ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රහාරවලින් ආරක්ෂා කිරීම සහ භාවිතය ඉහළ යන විට ඔවුන්ට උදව් කිරීම සඳහා නිර්මාණය කර ඇති “edge cloud” ලෙස හැඳින්වෙන තාක්ෂණය ෆාස්ට්ලි විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

දැනට පෙනෙන්නට තිබෙන ආකාරයට මෙම ගැටලුව ප්‍රාදේශීය වශයෙන් බලපා ඇති අතර එය යුරෝපය සහ එක්සත් ජනපදය පුරා නිශ්චිත ස්ථානවලට පමණක් අදාළ වී තිබේ.

මීට පෙරද මෙවැනිම ගැටලුවක් තවත් විශාල අන්තර්ජාල ගබඩා (cloud) පහසුකම් සපයන සමාගමක් වන ඇමසන් වෙබ් සේවාවන්ට (Amazon Web Services) ද බලපා තිබිණ.

සමාගම් කිහිපයක් අතෙහි මෙතරම් විශාල අන්තර්ජාල යටිතල පහසුකම් තිබීමේ ඥානාන්විතභාවය සමහරු ප්‍රශ්න කළහ. එයින් අදහස් වන්නේ යම් දෙයක් එක තැනක වැරදී ගිය විට එය විශාල ප්‍රමාණයකට බාධා පැමිණවීමට හේතු වන බවය.

ආරක්ෂක සමාගමක් වන ඊසෙට් (ESET) හි අන්තර්ජාල විශේෂඥ ජේක් මුවර් පැවසුවේ “මෙම විශාල සත්කාරක සමාගම්වල බරපතළකම සහ වැදගත්කම මෙන්ම ඔවුන් නියෝජනය වන ආකාරය මෙයින් ඉස්මතු කරයි.” යනුවෙනි.

බ්‍රිතාන්‍ය සම්මත වේලාවෙන් (BST) පෙරවරු 11 ට පමණ ආරම්භ වූ මෙම බිදවැටීම පැයක් පමණ පැවතිණි. අනෙකුත් බලපෑමට ලක්වූ වෙබ් අඩවි අතරට සීඑන්එන් සහ ප්‍රවාහ ( streaming) වෙබ් අඩවි වන ට්විච් (Twitch) සහ හුළු (Hulu) ද ඇතුළත් විය. ට්විටර් හි ඉමෝජි ඇතුළු සේවාවන්හි සමහර කොටස් ද ඇනහිටීම මගින් බිඳ දැමීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
30 ° C
30 °
30 °
76 %
3.1kmh
79 %
Sun
30 °
Mon
30 °
Tue
29 °
Wed
29 °
Thu
29 °

Must Read

SPORT