14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka Newsමෙවර මහ කන්නයත් අවධානමේ...

මෙවර මහ කන්නයත් අවධානමේ…

-

මෙවර මහ කන්නය සඳහා බිත්තර වී හිඟයක් ඇතිවිය හැකි බව ජාතික ගොවිජන එකමුතුව පවසයි.ඔවුන් පවසන්නේ පසුගිය යල කන්නයෙදී වී අස්වැන්න අඩුවීම හේතුවෙන් මෙවැනි තත්වයක් ඇතිවියහැකි බවයි. කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව යටතේ පවතින වී නිෂ්පාදන ආයතනවල රටේ අවශ්‍යතාවයට සරිලන පරිදි බීජ නිෂ්පාදන වැඩපිලිවෙලක් මෙතෙක් නොමැති බවද එම එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් චෝදනා කරයි.

මෙවර මහ කන්නය සඳහා බීජ කිලෝ කෝටි හයලක්ෂ හැත්තෑපන්දහසක් අවශ්‍ය බවත් ගොවීන් හට එම බිත්තර වී ප්‍රමාණය සපයා ගැනීම කිසිසේත් කළ නොහැකි නිසා ඉදිරි කාලයේදී බිත්තර වී සම්බන්ධව විශාල ගැටළුවක් මතුවන බැවින් මහ කන්නයේ වැපිරීම් කටයුතු ආරම්භවීමට පෙර අදාල බලධාරීන්ගේ අවධානය ඒ කෙරෙහි යොමුවිය යුතු බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
clear sky
30 ° C
30 °
30 °
75 %
3.9kmh
6 %
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
30 °

Must Read

SPORT