14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka Newsමහින්ද, නාමල්, ජොන්ස්ටන් ඇතුළු 17කට විදෙස් ගමන් තහනමක්...

මහින්ද, නාමල්, ජොන්ස්ටන් ඇතුළු 17කට විදෙස් ගමන් තහනමක්…

-

මහින්ද, නාමල්, ජොන්ස්ටන් ඇතුළු 17කට විදෙස් ගමන් තහනමක්…

ගාලුමෝදර ගෝටා ගෝ ගම සහ කොල්ලුපිටිය මයිනා ගෝ ගම යන අරගලවලට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අදාළව  හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 17 දෙනෙකුගේ විදේශ ගමන් තහනම් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් අයේෂා ජිනසේන මහත්මිය කරන ලද ඉල්ලීමකට අනුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි,ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ, සංජීව එදිරිමාන්න, කාංචන ජයරත්න, රෝහිත අබේගුණවර්ධන, සී බී රත්නායක, සම්පත් අතුකෝරාල, රේණුක පෙරේරා, සනත් නිශාන්ත, මහින්ද කහඳගම, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අය මෙසේ විදේශ ගමන් තහනම් කෙරුණු පිරිසට ඇතුළත් වෙයි.

මෙම සිද්ධිය ඇසින් දුටු බව කියන සාක්ෂිකරුවන් හත්දෙනෙකුගේ විදේශ ගමන් තහනම් කරන ලෙස ද මහේස්ත්‍රාත් වරයා නියෝග කර ඇත.

මෙම පුද්ගලයින්ගේ විදේශ ගමන් තහනම් කළ බව ආගමන සහ විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසත් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙසත් මහේස්ත්‍රාත් වරයා විසින් එහිදී වැඩිදුරටත් නියෝග නිකුත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
overcast clouds
31 ° C
31 °
31 °
74 %
4kmh
100 %
Sun
30 °
Mon
30 °
Tue
29 °
Wed
29 °
Thu
29 °

Must Read

SPORT