14.3 C
New York
Monday, April 21, 2025
HomeSri Lanka Newsනොවැම්බරයේ මුල් දින 15ට සංචාරකයින් 27,000 ක් ඇවිත්…

නොවැම්බරයේ මුල් දින 15ට සංචාරකයින් 27,000 ක් ඇවිත්…

-

2022 නොවැම්බර් මාසයේ මුල් දින 15 තුළ දී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 27,213 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

මෙම දින 15 තුළ දී වැඩිම සංචාරක පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එම ප්‍රමාණය 6,701 කි. මීට අමතරව ඉන්දියාව (4,404), එක්සත් රාජධානිය (2,257), ජර්මනිය (1,924), ඕස්ට්‍රේලියාව (1,371) හා කැනඩාව (1,008) යන රටවලින් වැඩි සංචාරකයින් පිරිසක් මෙම දෙසතිය තුළ පැමිණ තිබේ.

මේ අනුව 2022 වසරේ නොවැම්බර් 15 දින දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුළු සංචාරකයින් ප්‍රමාණය 595,471 ක් වේ.

Previous article
Next article
මුහුණුපොතේ සහ වෙබ් අඩවිවල පළ කර ඇති වෙළෙඳ දැන්වීම් ඔස්සේ එම දැන්වීම් පළ කර ඇති පුද්ගලයන් රැවටීමකට ලක් කර බැංකු ගිණුම්වලින් මුදල් සොරා ගන්නා සංවිධානාත්මක ජාවාරමක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් හෙළි කරගෙන තිබේ. එම ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙක් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පෙරේදා (16) මහනුවරදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් මහනුවර, තලාතුඔය සහ මැදවච්චියේ පදිංචිකරුවන්ය. වෘත්තියෙන්ම වංචාකරුවන් වන ඔවුන් අවුරුදු 25ත් 30ත් අතර පසු වන්නන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. “මේ අය කරන්නේ ෆේස් බුක්වල හරි වෙබ් අඩවිවල හරි පළ කරල තියෙන දැන්වීම් බලල ඒ දැන්වීම්වල සඳහන් දුරකතන අංකවලට ඇමතුම් දෙනවා. ඒ සඳහා භාවිත කරන්නේ එයාලගේ නමින් තියෙන සිම්පත් නෙමෙයි. වෙන අයගේ ඒවායින්. මෙයාල මුලින්ම කරන්නේ ඒ දැන්වීමේ තියෙන භාණ්ඩ වර්ගය කාටවත් විකුණන්න එපා, මම ගන්නවා කියල පිංසේණ්ඩු වෙන එකයි. සල්ලි ටිකක් මට මදි. ගනුදෙනුව ස්ථීර වෙන්න මම කීයක් හරි දාන්නම් මට සතියක් දෙන්න. යනුවෙන්ද එහිදී ඔවුන් පවසනවා. දැන්වීම්කරුට අනුකම්පාවක් ඇති වෙන විදිහටත් විශ්වාසයක් ගොඩ නැඟෙන ආකාරයටත් තමයි මේ අය කථා කරන්නේ. අන්තිමට දැන්වීම්කරු මේ අයට භාණ්ඩය අලෙවි කිරීමට කැමැත්ත පළ කළායින් පස්සේ බැංකු ගිණුම් අංකයක් ඉල්ලගෙන ඔන් ලයින් ට්‍රාන්සර් එකක් කරනවා පොඩි ගාණක්. ඒක දාල ඉවරවෙලා මේ අය නැවත දැන්වීම්කරුට කථා කරල කියනවා මම සල්ලි ටිකක් දැම්මා හම්බ වුණාද කියල බලන්න කියල. ඒකට පිළිතුරු ලැබෙන විට ඒත් එක්කම මේ අය කියනවා තරහා නැතිව පුළුවන් නම් කෝඩ් අංකයක් ඇවිල්ල ඇති ඒක පොඩ්ඩක් කියන්න කියල. මේ අංකය මොකක්ද කියල අවබෝධයක් නැති අය ඒක දෙනවා. දුන්නම වෙන්නේ මේ අය ඒ අංකය ඔස්සේ ඔවුන් මුදල් තැන්පත් කළ දැන්වීම්කරුගේ ගිණුමට අන්තර්ජාලය ඔස්සේ ඇතුළු වෙලා මුදල් වෙන බැංකු ගිණුමකට බැර කර ගන්න එකයි.“ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් මේ වංචාව වන ආකාරය පැහැදිලි කරන්නේ මෙසේය. එම නිලධාරියා පවසන්නේ කිසිවිටකත් තමාට බැංකුවෙන් ලැබෙන එම මුරපද අංකය හෙවත් OTP අංකය පිටස්තර කිසිවකුත් අතට පත් නොකරන ලෙසය. මෙවැනි වංචාවලින් සිය ගාණක් රැවටී ඇති බවත් ඇතැම් පිරිස් මේ නිසා අසරණ වී ඇති බවත් එම නිලධාරියා කීය. මහනුවරින් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාම මත්කුඩු භාවිතයට තදින්ම ඇබ්බැහි වී සිටින්නන් බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
overcast clouds
28 ° C
28 °
28 °
80 %
3.3kmh
92 %
Sun
28 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
29 °

Must Read

SPORT