14.3 C
New York
Tuesday, April 22, 2025
HomeSri Lanka Newsනාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකළ පෙත්සම් නිෂ්ප්‍රභ කෙරේ

නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකළ පෙත්සම් නිෂ්ප්‍රභ කෙරේ

-

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් 60 ක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

මෙම පෙත්සම් නිසි කාල සීමාව තුළ ඉදිරිපත් කර නොතිබීම සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන බව අභියාචනාදීකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබුණි.

එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත.

මෙම පෙත්සම් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව තීරණය ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා උප්පැන්න සහතික වල මුල් පිටපත් ඉදිරිපත් කිරීම, උප්පැන්න සහතික සාම විනිසුරුවරයා විසින් සහතික කිරීම , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 07 වන උපලේඛනය යටතේ දිවුරුම සම්බන්ධයෙන් වූ ගැටලු සහ නිසි වේලාවට භාරදී නොතිබීම යන කරුණු මත ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර යලි භාරගන්නා ලෙස තම අධිකරණය විසින් මීට පෙර තේරීම් භාර නිලධාරීන්ට නියෝගයක් ලබාදී තිබූ බව ද සඳහන් කළේය.

ඉහළ අධිකරණයකින් එම තීන්දුව සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන තුරු තම තීන්දුව බලාත්මකව පවතින බව පෙන්වා දුන් සභාපති විනිසුරුවරයා එම නියෝග වලට අනුව වගඋත්තරකරුවන් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් සඳහන් කර තිබේ.

නාමයෝජනා ප්‍රතික්ෂේපවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන පෙත්සම්වල අන්තර්ගත කරුණු පිරික්සීමේදී මැතිවරණ නීතියේ කිසියම් ගැටලුකාරී තත්ත්වයක් තිබෙන බව පෙනී යන බවත් එය නිවැරදි  කිරීම සඳහා ව්‍යවස්ථාදායකය අවධානය යොමු කරන්නේ නම් වඩා සුදුසු බවත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා පවසා ඇත.

මෙම අධිකරණ ක්‍රියාමාර්ගය හේතුවෙන් මැතිවරණ ක්‍රියාමාර්ගයේ ඇති වූ ප්‍රමාද නිසා මේ වන විටත් රජයට රුපියල් මිලියන 30 ක 40 ක පමණ අලාභයක් සිදු වී ඇති බව අධිකරණය හමුවේ ප්‍රකාශ වූ බවත් විනිසුරුවරයා සඳහන් කළේය.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන නිසි වේලාවට මෙම පෙත්සම්කරුවන් අධිකරණයට නොපැමිණීම නිසාත් මැතිවරණ ක්‍රියාදාමය අනවශ්‍ය ලෙස ප්‍රමාද වීම වැළැක්වීම යන කරුණු සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන බවද විනිසුරු මඩුල්ල පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
overcast clouds
27.1 ° C
27.1 °
27.1 °
81 %
2.9kmh
88 %
Tue
29 °
Wed
29 °
Thu
30 °
Fri
30 °
Sat
29 °

Must Read

SPORT