14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka Newsනව වසර වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹ එන්න විශේෂ බස් සේවාවක්…

නව වසර වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹ එන්න විශේෂ බස් සේවාවක්…

-

නව වසර වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා විශේෂ බස් සේවා ක්‍රියාත්මක කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරනවා.

ඒ අනුව ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට ද බස් සේවාවක් පළමු වනදායින් පසු ක්‍රියාත්මක කරන බවයි එම කොමිෂන් සභාව වැඩි දුරටත් පැවසුවේ.

මේ අතර 1955 ක්ෂණික ඇමතුම් අංකය අමතා මගී ජනතාවගේ ප්‍රවාහන ගැටළු සම්බන්ධයෙන් දැනුම් දිය හැකි අතර, මගී ජනතාවට අවශ්‍ය තොරතුරු ලබාගැනීමටත් හැකියාව පවතිනවා.

නව වසර ආරම්භයත් සමඟ ලංකා ගමනාගමන මණ්ඩලය ද මගීන්ගේ පහසුව සඳහා විශේෂ බස් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

මෙම විශේෂ බස් රථ සේවාව කොළඹ – කොටුව ප්‍රධාන බස් නැවතුම්පොළේ සිට අද (01) සිට ලබන 03 වනදා දක්වා ක්‍රියාත්මක බවයි ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ.

එමෙන්ම ගම්බිම් බලා ගොස් සිටින ජනතාවට යළි පැමිණීම සඳහා ද අතිරේක බස් රථ මුළු දිවයිනම ආවරණය වන පරිදි යෙදවීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
overcast clouds
31 ° C
31 °
31 °
74 %
4kmh
100 %
Sun
30 °
Mon
30 °
Tue
29 °
Wed
29 °
Thu
29 °

Must Read

SPORT