14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka Newsදයාසිරි කාංචන ගැටුම...

දයාසිරි කාංචන ගැටුම…

-

ගල් අඟුරු ආනයනය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමේ දී අක්‍රමිකතා සිදුව ඇති බවට එල්ල කරන ලද චෝදනාවෙන් තමාට අපහාසයක් වී ඇති බැවින් ඊට වන්දි වශයෙන් රුපියල් කෝටි සියයක් ඉල්ලා විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකරට එන්තරවාසියක් යවා තිබේ.

මෙම එන්තරවාසිය සම්බන්ධයෙන් අදහස් පළ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා පැවසුවේ තමන් කළ චෝදනාවට එරෙහිව නඩු පවරන තෙක් බලා සිටින බවත් උසාවියේ දී කාගෙ කාගෙත් රෙදි ගලවන බවත් ඔහු පැවසීය.

ඊයේ ( 01 ) එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී මේ බව පැවසීය.

මෙම චෝදනාවන්ට එරෙහිව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කලින් ප්‍රකාශ කළ නමුත් එම ස්ථාවරය වෙනස් වී ඇමැතිවරයා පෞද්ගලිකව නඩු පැවරීමට යාම ගැටලුවක් බවයි මහලේකම්වරයා පැවසුවේ.

ඕනෑම නඩුවකට මුහුණ දීමට තමන් සූදානම් බවත්‘‘එයා නඩුවක් දාන තෙක් මම බලන් හිටියේ. සිද්ධියට අදාළ සියලු තොරතුරු මම හෙට අල්ලස් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා’’ යැයි ද මහලේකම්වරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
overcast clouds
31 ° C
31 °
31 °
74 %
4kmh
100 %
Sun
30 °
Mon
30 °
Tue
29 °
Wed
29 °
Thu
29 °

Must Read

SPORT