14.3 C
New York
Tuesday, April 22, 2025
HomeWorldඉරානයෙන් බොරතෙල් මිලදී ගත් චීන සමාගම්වලට අමෙරිකාවෙන් සම්බාධක

ඉරානයෙන් බොරතෙල් මිලදී ගත් චීන සමාගම්වලට අමෙරිකාවෙන් සම්බාධක

-

ඉරානය සමග වෙළඳ ගනුදෙනුවල නිරතවූ බවට චෝදනා කරමින් අමෙරිකාව විසින් චීන තෙල් පිරිපහදු සහ නැව් සමාගම් සඳහා සම්බාධක පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත්, අමෙරිකාවේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය චෝදනා කරනු ලබන්නේ එම චීන සමාගම් ඩොලර් බිලියනයකට වැඩි වටිනාකමකින් යුතු බොරතෙල් ඉරානයෙන් මිලදී ගෙන ඇති බවයි.

එමෙන්ම, ඉරාන බොරතෙල් මිලදී ගැනීම සම්බන්ධව සති කිහිපයක් ඇතුළත චීන තෙල් පිරිපහදු සහ නැව් සමාගම්වලට අමෙරිකාව සම්බාධක පනවනු ලැබූ දෙවැනි අවස්ථාවද මෙය වනු ඇති.

ඉරාන බොරතෙල් අපනයනය එරට ඉස්ලාමීය විප්ලවීය හමුදාව විසින් පාලනය කරනු ලබන අතර, එම හමුදාව ත්‍රස්ත සංවිධානයක් ලෙස අමෙරිකාව විසින් ලේබල්ගත කර තිබීමත් මේ සඳහා හේතුවක් බවයි එම විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
overcast clouds
27.1 ° C
27.1 °
27.1 °
81 %
2.9kmh
88 %
Tue
29 °
Wed
29 °
Thu
30 °
Fri
30 °
Sat
29 °

Must Read

SPORT