14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka Newsඅවසන් පූරව වටයට පිවිසීමේ දොරටු විවර කර ගැනීමේ මග...

අවසන් පූරව වටයට පිවිසීමේ දොරටු විවර කර ගැනීමේ මග…

-

විස්සයි විස්ස ලෝක කුසලාන තරගවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය අද (25) පස්වරුවේ සත්කාරක ඕස්ට්‍රේලියාව එරෙහිව පැවැත්වෙනවා.

ආබාධයකට ලක්ව සිටි ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක මෙම තරගයේ දී ක්‍රීඩා කිරීමේ වැඩි ඉඩක් පවතින බවයි ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන්නේ.

ඊට අමතරව ආබාධයකට ලක්ව සිටි වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් අද තරගයේ දී විවේක ගන්වා ඇති බව සඳහන්.

ඒ, අනුව නිමා වූ අයර්ලන්තය අතර තරගයේ දී වේග පන්දු යවන්නන් ලෙස කටයුතු කළ ළහිරු කුමාර සහ බිනුර ප්‍රනාන්දු අද තරගයට ද එක්වන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පර්ත් ක්‍රීඩාංගණයේ තණතීරුව පරීක්ෂා කිරීමෙන් පසු අද තරගයට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් එකොළොස් දෙනා තීරණය කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපතිවරයා පැවසුවේ.

සුපිරි 12 වටයේ ඕස්ට්‍රේලියාව සහභාගී වූ පළමු තරගය නවසීලන්තය හමුවේ දරුණු පරාජයක් ලැබූ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම සභාගී වූ පළමු තරගයෙන් අයර්ලන්තයට එරෙහිව පහසු ජයක් වාර්තා කළා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට මෙම තරගය ජය ගැනීමට නොහැකි වුවහොත් ඔවුන්ට තරගාවලියෙන් ඉවතට විසිවීමේ වැඩි ඉඩකඩක් පවතින අතර, ශ්‍රී ලංකාව අද තරගය ජයගත හොත් අවසන් පූර්වවටයට පිවිසීමේ වැඩි බලාපොරොත්තුවක් තබා ගත හැකිව වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
30 ° C
30 °
30 °
71 %
4.2kmh
52 %
Sun
30 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
29 °

Must Read

SPORT