14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka Newsඅලුත් බස් සේවාවක් කොළඹට...

අලුත් බස් සේවාවක් කොළඹට…

-

පොදු ප්‍රවාහනය නංවාලීමේ අරමුණින් කොන්දොස්තරවරයෙකු නොමැතිව ධාවනය කෙරෙන අතිනවීන බස්රථ සේවාවක් ආරම්භ කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ පෞද්ගලික තාක්ෂණ කණ්ඩායමක් අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණි.

කොළඹ Trace City හි පැවති මෙම සාකච්ඡාවේ දී Gaman by Trace ජංගම දුරකතන යෙදුම හරහා ක්‍රියාවට නැංවෙන මෙම පොදු ප්‍රවාහන සේවාව පිළිබඳ හඳුන්වාදීමක් සිදුකර තිබේ.

මෙම සාකච්ඡාව සඳහා කොළඹ නගරාධිපතිනිය රෝසි සේනානායක මහත්මිය ද එක්වී සිටියාය.

කොළඹ කොටුව, කොම්පඤ්ඤවීදිය, කොල්ලුපිටිය, බම්බලපිටිය, බොරැල්ල, ටවුන්හෝල් ඇතුළු කොළඹ නගරයේ ප්‍රධාන ර්මමස්ථාන බොහොමයක් ආවරණය වන පරිදි මෙම ව්‍යාපෘතිය සැලසුම් කර ඇති අතර අදාළ ගමන් මාර්ගය කිලෝමීටර 16 ක දුරකින් යුතුවේ. මෙහි ඇති විශේෂත්වය නම් බස් රථයට ගොඩවී කොපමණ දුරක් ගිය ද ගෙවිය යුත්තේ රු. 200 ක ස්ථාවර ගාස්තුවක් පමණක් වීමයි.

ගාස්තු ගෙවීම ජංගම දුරකතන යෙදුම හරහා සිදුවනු ඇත. එබැවින් මෙම බස් රථවල තවත් විශේෂත්වයක් වන්නේ ඒවායෙහි කොන්දස්තරවරයෙකු නොමැති වීමයි මෙම ව්‍යාපෘතිය පිළිබඳ හඳුන්වාදීමේ දී Gaman by Trace සඳහන් කළේ මෙවැනි දෙයකි.

සාමාන්‍යෙයන් මේ සඳහා පොදු ප්‍රවාහන බස්රථ,කුලී ගමන් රථයක් හෝ ත්‍රීරෝද රථයක් යොදා ගැනෙනවා.මේ සියළුම ක්‍රම වල පවතින අඩුපාඩු කිහිපයක්ම තියනවා. ප්‍රධාන වශයෙන් පොදු ප්‍රවාහන බස්රථවලට ගත වන කාලය,බස් රථය පැමිණෙන තෙක් සිදුවන රස්තියාදුව සහ මුදල් ගණුදෙනු වලදී විශේෂයෙන්ම ඉතුරු ලබා ගැනීමේ දී සිදුවන අපහසුතා.

කුලී රථසේවාවල මේ ප්‍රශ්නය නැතත් කුලී රථයක් වෙනුවෙන් යම් තරමක විහාල මුදලක් වියදම් කිරීමට ඔබට සිඳු වනවා. විශේෂයෙන්ම ඔබ දිනකට කිහිප වතාවක් කොළඹ නගරය හරහා ගමන් කරනවනම් එය ඔබේ ආදායමට සැලකිය යුතු බලපෑමක් කරනවා.

මේ ප්‍රශ්න සියල්ලටම විසඳුමක් විදිහට තමයි, GAMAN BY TRACE ව්‍යාපෘතිය ආරම්භ කෙරෙන්නේ. කොළඹ කොටුව, කොම්පඤ්ඤවීදිය, කොල්ලුපිටිය, බම්බලපිටිය, බොරැල්ල, ටවුන්හෝල් ඇතුළු කොළඹ නගරයේ ප්‍රධාන ර්මමස්ථාන කිහිපයක් ආවරනය වන පරිදි කිලෝමීටර 16ක වටරවුමක් ගමන් බස්රථ වලින් ආවරනය කිරීම මෙම ව්‍යාපෘතිය මගින් සිදුවනවා. මිනිත්තු 15ක් වැනි කෙටි කාලයක් ඇතුලත නව බස් රථයක් පැමිණෙන නිසා ඔබට සිදුවන කාලය නාස්ති වීම අවමයි. ඔබට මේ කිලෝමීටර 16 තුළ කොතනින් ගමන ආරම්භ කලත් කොතනින් ගමන අවසන් කළත් ඔබට වැය වෙන්නේ රුපියල් 200ක් වැනි සුළු ස්ථාවර මුදලක් පමණයි.

ඔබේ පහසුව කාර්යයක්ෂමතාවය, ඔබට මුදල් ඉතිරිවීම පමණක් නෙවෙයි,කොළඹ නගරය තුළ මාර්ග තදබදයට ද, GAMAN BY TRACE තුළින් කදිම විසඳුමක් ලබා දෙනවා. ඔබ කළ යුත්තේ ඇප් ස්ටොර් එකෙන් හෝ, ගූගල් ප්ලේ ස්ටෝර් එකෙන් GAMAN ඇප් එක ඩවුන්ලෝඩ් කර ගෙන GAMAN APP එක GAMAN බස් රථයක් පැමිණෙන තෙක් බලා සිටීම පමණයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
30 ° C
30 °
30 °
76 %
3.1kmh
79 %
Sun
30 °
Mon
30 °
Tue
29 °
Wed
29 °
Thu
29 °

Must Read

SPORT