14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka News2020 මහ මැතිවරණය : ''සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කළේ නැතිනම් ඡන්දය තියන්න බෑ''

2020 මහ මැතිවරණය : ”සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කළේ නැතිනම් ඡන්දය තියන්න බෑ”

-

2020 මහ මැතිවරණය : ”සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කළේ නැතිනම් ඡන්දය තියන්න බෑ”
සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය නොකළහොත් ඡන්දය පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය බ්‍රහස්පතින්දා (ජූලි 16) යළි අවධාරණය කළේය.

ඔහු පෙන්වා දෙන්නේ රටේ ජනතාව නීතියක් නොමැතිව රීති අනුගමනය නොකරන බවය.

තැපැල් ඡන්දය පැවැත්වීමේදී ලද අත්දැකීමක් උදාහරණයක් ලෙස ගනිමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙලෙස කියා සිටියේය.

”වයඹ පළාතේ දිස්ත්‍රික්කයක කෘෂිකර්මයට සම්බන්ධ කාර්යාලයක නිලධාරීන් සහකාර තේරීම්භාර නිලධාරියාගේ උපදෙස් පවා නොතකා එකට පොරකමින් ඡන්දය දීමට පැමිණියා. නිලධාරිවත් බැරිනම් අපිට පාලනය කර ගන්න සාමාන්‍ය ජනතාව කොයි විදියට පැමිණෙයිද ? ඒක වළක්වන්න, පාලනය කර ගන්න මේ නීතිය අවශ්‍යයි. මේ ගැසට් පත්‍රය නොමැතිවීම අපේ කටයුතුවලට බරපතල බාධාවක්.” යනුවෙන් ඔහු පැවසුවේය.

අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ රෙගුලාසි ලෙස නීතිමය වටිනාකමක් ලබා දී නොමැති නිසා තමන් දැඩි අපහසුතාවකට පත්වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ද ජූලි 15 වැනිදා මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කළහ.

අගෝස්තු 05 වැනිදා ඡන්දය විමසීම වෙනුවෙන් උපරිම උත්සාහය ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව ජූලි 21 යළි රැස්වීමට නියමිත අතර එදිනට රටේ පවතින තත්ත්වය සමාලෝචනය කිරීමට අපේක්ෂා කෙරේ.

මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය ඉදිරි දින දෙක තුළ නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි බ්‍රහස්පතින්දා (ජුලි 16) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කළාය.

PMD

අසත්‍ය තොරතුරු ගැන සොයන්න CID නිලධාරීන් 26ක්.

කන්දකාඩු හා සේනපුර යන පුනරුත්ථාපන මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගෙන ‘අලුත් පොකුරක්’ නිර්මාණය වීම සම්බන්ධයෙන් නොයෙකුත් වාර්තා සමාජ මාධ්‍ය තුළ පළවේ. ඒ පිළිබඳව ජනතාව භීතියට පත් කරන, අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන අය පිළිබඳ සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 26 දෙනෙක් යොදවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ බීබීසී සිංහල සේවයට කියා සිටියේය. එම නිලධාරීන් කණ්ඩායම් තුනකට වෙන්ව ක්‍රියාත්මක වෙති.

මහනුවර සිදුවීමක් සම්බන්ධයෙන් පුවත්පතක අසත්‍ය වාර්තාවක් පළ කිරීම, රෝගීන් හඳුනාගත් ප්‍රදේශ ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි සිතියමක් පළ කිරීම සහ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට රැදවියන් බැලීමට පැමිණි අයගේ නම් ප්‍රසිද්ධ කිරීම යන සිදුවීම් තුන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇත.

”යම් අසත්‍ය ආරංචියක් පතුරලා ජනතාව අතර අසන්තෝෂය ඇති කිරීම දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ වරදක්. අවුරුදු දෙකක කාලයක් බන්ධනාගාර ගත කිරීමක් හෝ දඩයකට යටත් කරන්න පුළුවන්. ඒ වගේම පොලිස් ආඥා පනතේ 98 වගන්තිය යටතේ මාස හයක සිර දඬුවම් දෙන්න පුළුවන්. ඒ වගේම නිරෝධායන නීති යටතේත් අපි කටයුතු කරනවා” යනුවෙන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය.

කන්දකාඩු අලුත් පොකුරත් සමග සියලු රෝගීන් වාර්තා වී ඇති පොකුරු ගණන 32කි.

ජූලි 16 වැනිදා පෙරවරු 10.00 වන විට ශ්‍රී ලංකාව තුළ තහවුරු කළ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2674කි. ඉන් 656 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
29 ° C
29 °
29 °
78 %
3.1kmh
58 %
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
30 °

Must Read

SPORT