14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka Newsවසර දහයකට පසු ලංකාවට දිස් වු විරල සූර්යග්‍රහණය...

වසර දහයකට පසු ලංකාවට දිස් වු විරල සූර්යග්‍රහණය…

-

වසර දහයකට පසු ලංකාවට දිස් වු විරල සූර්යග්‍රහණය…

වසර 10 ට පසුව අද ශ්‍රී ලංකාවාසින්ට විරල සූර්යග්‍රහණයක් දැක ගැනිමේ අවස්ථාව උදාවුණි.

පෙරවරු 08.10 ට ආරම්භවූ සූර්යග්‍රහණය පැය තුනකට අධික කාලයක් පැවති අතර එහි වලයාකාර අවස්ථාව විනාඩි 03යි තත්පර 16ක කාලයක් දිස්වුණි.

සූර්යයා සහ පෘථිවිය අතරට චන්ද්‍රයා සරල රේඛීයව පිහිටීම සූර්යග්‍රහණය ලෙසින් හැඳින්වෙයි.

නමුත්, අද පෘථිවියේ ඇතැම් රටවලට දැකගත හැකිවූයේ වලයාකාර සූර්ය ග්‍රහණයක්.

එය ඇතිවන්නේ, චන්ද්‍රයා පෘථිවියට දුරස්ථව පිහිටන අතරතුර සරල රේඛීයව පිහිටීම හේතුවෙන්.

මෙම වළයාකාර සූර්යග්‍රහණය පැය 3 යි විනාඩි 16 කට ආසන්න කාලයක් පැවැති අතර එය හොඳින්ම දිස්වූයේ උතුරු ප්‍රදේශවලටයි.

මෙය උතුරු ප්‍රදේශයට දිස්වූයේ චන්ද්‍රයා සූර්ය තැටියෙන් 93 % කට වඩා වැඩි ප්‍රමාණයක්  ආවරණය වන වලයාකාර සූර්යග්‍රහණයක් ලෙසින්.

එය රටේ දකුණු ප්‍රදේශවලට දිස්වූයේ චන්ද්‍රයා විසින් සූර්ය තැටියෙන් 85 % ක ට වඩා වැඩි ප්‍රමාණයක් ආවරණය වන අර්ධ සූර්යග්‍රහණයක් ලෙසින්.

ඒ අනුව චන්ද්‍රයා සූර්යයාගේ පෘෂ්ඨය මත පිහිටීම මෙරට වේලාවෙන් පෙරවරු 8.10 පමණ සිදුවුණි.

වලයාකාර සූර්යග්‍රහණය පුනරින් ප්‍රදේශයට ඉතාමත්ම පැහැදිලිව දිස්වුණි.

මෙම වළයාකාර සූර්යග්‍රහණය ශ්‍රී ලංකාව හරහා ගමන් කරන විට පෘථිවිය මත වැටෙන චන්ද්‍රයා ගේ පුර්ණ ඡායාව කිලෝමීටර් 128 ක් පමණ විශ්කම්භය සටහන් වෙයි.

පෘථිවියේ භ්‍රමණය නිසා එය පෘතුවි පෘෂ්ඨය මත වේගයෙන් ගමන්  ගන්නා  අතර එහි ගමන මග වැටී ඇත්තේ ශ්‍රී ලංකාවේ උතුරු කොටස හරහායි.

මේ අතර විරල සුර්යග්‍රහණය දැක බලාගැනිමට දිවයිනේ ප්‍රදේශ රැසක කඳවුරු ස්ථාපනය කර තිබුණි.

නැවතත් මෙවැනි වලයාකාර සුර්යග්‍රහණයක් අපට දිස්වනුයේ වසර 12 කට පමණ පසු එනම් 2031, මැයි මස 21 වැනිදායි.

මෙම සූර්යග්‍රහණයේ වළයාකාර ග්‍රහණ අවධිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ ඉන්දියාවට දිස්විය.

සූර්යග්‍රහණයේ වළයාකාර ග්‍රහණය උපරිම අවස්ථාව දිස්වුයේ ඉන්දුනීසියාවටයි.

සිංගප්පුරුව, මලයාසියාව සහ චීනයට ද මේ වලයාකාර සුර්ය ග්‍රහණය ඉතා පැහැදිලිව දර්ශනය වුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
30 ° C
30 °
30 °
76 %
3.1kmh
79 %
Sun
30 °
Mon
30 °
Tue
29 °
Wed
29 °
Thu
29 °

Must Read

SPORT