14.3 C
New York
Monday, April 21, 2025
HomeSri Lanka Newsමෙම වසරේ මිනිස් ඝාතනවල ඉහළ යාමක්...

මෙම වසරේ මිනිස් ඝාතනවල ඉහළ යාමක්…

-

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පුද්ගල ඝාතනවල වැඩිවීමක් වාර්තා වන බව පොලීසිය සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ, නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, පසුගිය වසරේ මුල් මාස 09 තුළ පුද්ගල ඝාතන 403 ක් වාර්තා වන බවය.

මේ වසරේ මුල් මාස 09 තුළ පුද්ගල ඝාතන 435 ක් වාර්තා වී ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර පසුගිය වසරට සාපේක්ෂව වාහන සොරකම් කිරීම්ද ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඔහු සඳහන් කළේ, පසුගිය වසර තුළ වාහන සොරකම් කිරීම් 1,405 ක් වාර්තා වි ඇති බවයි.

මේ වසරේ මුල් මාස 9 තුළ පමණක් වාහන සොරකම් කිරීම් 1,406 ක් වාර්තා වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

ඔහු සඳහන් කළේ, මේ වසරේ යතුරුපැදි සොරකම් පමණක් 1,016 ක් සිදුව ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
scattered clouds
27.3 ° C
27.3 °
27.3 °
80 %
1.7kmh
48 %
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
29 °
Fri
29 °

Must Read

SPORT