14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka Newsමිළ අඩු කරන්න යන ආහාර ද්‍රව්‍ය...

මිළ අඩු කරන්න යන ආහාර ද්‍රව්‍ය…

-

කුකුළු මස් මිල අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ කැඳවුම්කරු සුජීව ධම්මික මහතා සඳහන් කළේ කුකුළු මස් කිළෝග්‍රෑමයක මිල රුපියල් 1080ක් දක්වා අඩු කිරිමට පියවර ගන්නා බවය.

ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එළඹෙන උත්සවය සමයේ කුකුළු මස් ඉල්ලුම ඉහළ යාම පිළිබඳ අවධානය යොමු කරමින් මෙම පියවර ගත් බවය.

මේ අතර බිත්තර මිල ද පහළ දැමීමට කටයුතු කරන බවද ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය වැඩිදුරටත් පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ  ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ කැඳවුම්කරු සුජීව ධම්මික මහතා,

“ඊයේ තීරණයක් අරගෙන තියෙනවා කුකුළු මස් මිල 1080ක් දක්වා අඩුකරන්න, තාම සාකච්ඡා මට්ටමයේ තියෙනවා මොකද උත්සව සාමය සඳහා විශේෂයෙන්ම පාරිභෝගිකන් කුකුළු මස් වගේ දේවල් වැඩිපුර මිලදී ගන්නවා ඒ වගේම අපට යම් හෝඩුවාවක් ඇවිල්ලා තියෙනවා මේ වෙලාවේ අපේ කර්මාන්ත කරුවා අපහසුතාවයට පත්කරන්න විදේශවලින් පවා කුකුළු මස් ගෙන්වන්න තීරණයක් අරන් තියෙනවා කියලා සත්ව ආහාර සඳහා අපිට අධික මිලක් වැය වෙනවා. ඉන්ධන මිල ක්‍රමයෙන් පහළ වැටීමත් එක්ක අපිත් තීරණයක් ගත්තා යම්කිසි මට්ටමකින් හෝ පාරිභෝගිකයාට සහනයක් දෙන්න. ඒ වගේම බිත්තර මිලත් යම්කිසි ප්‍රමාණයකින් හරි පහළදමන්න මහා පරිමාණ ගොවිපොළ හිමියන් සමඟ අපි කතාකරමින් ඉන්නවා. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
overcast clouds
31 ° C
31 °
31 °
74 %
4kmh
100 %
Sun
30 °
Mon
30 °
Tue
29 °
Wed
29 °
Thu
29 °

Must Read

SPORT