14.3 C
New York
Tuesday, April 22, 2025
HomeSri Lanka Newsතැපැල් කාර්යාල මගින් බිල්පත් ගෙවීමේදී අය කෙරෙන ගාස්තුවත් වැඩිකෙරේ

තැපැල් කාර්යාල මගින් බිල්පත් ගෙවීමේදී අය කෙරෙන ගාස්තුවත් වැඩිකෙරේ

-

තැපැල් කාර්යාල මගින් විදුලි සහ ජල බිල්පත් ගෙවීමේදී අය කෙරෙන ගාස්තු ඉහළ නංවා තිබේ.

ඒ අනුව, ජල බිල්පත් තැපැල් කාර්යාල මගින් ගෙවීමේදී මීට පෙර අය කළ රුපියල් 5ක ගාස්තුව රුපියල් 20 දක්වා වැඩිකර තිබේ.

එසේම එම කාර්යාල හරහා විදුලි බිල්පත් ගෙවීමේදී ද රුපියල් 20ක් අයකිරීමට තීරණය කර ඇත. මීට පෙර විදුලි බිල්පත් සඳහා විදුලිබල මණ්ඩලය විසින් තැපැල් දෙපාර්තමේන්තුවට 2%ක මුදලක් ගෙවූ අතර එය 1% දක්වා පහත හෙළීම නිසා මෙසේ පාරිභෝගිකයාගෙන් රුපියල් 20ක් අය කිරීමට තීරණය කළ බවයි තැපැල් දෙපාර්තමේන්තුව පවසන්නේ.

තැපැල් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් වියදම් ඉහළ යාම හේතුවෙන් මෙම තීරණයට එළඹී ඇති අතර මීට අදාළ චක්‍රලේඛය සියලුම තැපැල් ස්ථානාධිපතිවරුන්ට යොමු කළ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
scattered clouds
27.5 ° C
27.5 °
27.5 °
82 %
3.1kmh
50 %
Mon
28 °
Tue
29 °
Wed
29 °
Thu
30 °
Fri
30 °

Must Read

SPORT