14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka Newsඅට වන පාර්ලිමේන්තුවේ සිව් වන සැසි වාරය අදයි...

අට වන පාර්ලිමේන්තුවේ සිව් වන සැසි වාරය අදයි…

-

අට වන පාර්ලිමේන්තුවේ සිව් වන සැසි වාරය අදයි…

8 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම අද පෙරවරු 10 ට සිදු කෙරෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

පෙරවරු 09ට ආරාධිත අමුත්තන්ගේ පැමිණීමත් සමග උත්සවයේ කටයුතු ආරම්භ වනවා. එහිදී පළමුවෙන් සිදුවන්නේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ පැමිණීයි. අනතුරුව කථානායක කරූ ජයසූරිය මහතාගේ පැමිණීම සිදුවනවා.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීම සිදු වන්නේ ඉන් අනතුරුවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැමිණිම ඉන් අනතුරුව සිදුවනවා.

එහිදී කථානායක කරූ ජයසූරිය මහතා හා පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප‍්‍රධාන පියගැට පෙළ අසලදී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමටයි නියමිතව ඇත්තේ. ජනාධිපති ධජය උඩුකුඹූ කිරීම ඒ සමගම සිදු වනවා.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභා ගර්භය වෙත කැදවාගෙන යාම  සිදුවන්නේ පෙරවරු 10 ටයි. එහිදී නියෝජ්‍ය චේත‍්‍රධාරීවරයා ඉදිරියෙන් ගමන් කරන අතර චේත‍්‍රධාරීවරයා පසුව ගමන් කිරීම සිදුකරනවා. ජනාධිපතිවරයා ගමන් කරන්නේ ඉන් අනතුරුවයි.

ජනාධිපතිවරයා මංගල රැස්වීමේ මුලසුන ගැනීමෙන් අනතුරුව, නව ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කිරීම සිදුවනවා. පාර්ලිමේන්තුව ඇමතීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් පස්වරු එක දක්වා පාර්ලිමේන්තුව  තාවකාලිකව අත්හිටවනු ඇති.

පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවට 600 කට අධික ආරාධිත අමුත්තන් පිරිසක් සහභාගි වීමට නියමිතයි. ඒ අතරට  විදේශ රාජ්‍ය තාන්ති‍්‍රකයින්, හිටපු ජනාධිපතිවරුන්, අග‍්‍රාමාත්‍යවරුන්, අගවිනිසුරුවරයා, උපරිමාධිකරණ විනිසුරුවරුන් හා නීතිපතිවරයා ද ඇතුළත්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
overcast clouds
31 ° C
31 °
31 °
74 %
4kmh
100 %
Sun
30 °
Mon
30 °
Tue
29 °
Wed
29 °
Thu
29 °

Must Read

SPORT