14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka Newsහෙට සිට යළිත් නිවසේ සිට වැඩ කරන සතියක් - දිස්ත්‍රික්ක රැසකට ඇඳිරි...

හෙට සිට යළිත් නිවසේ සිට වැඩ කරන සතියක් – දිස්ත්‍රික්ක රැසකට ඇඳිරි නීතිය ඉවත් කිරීම උදෑසන හයට…

-

හෙට සිට යළිත් නිවසේ සිට වැඩ කරන සතියක් – දිස්ත්‍රික්ක රැසකට ඇඳිරි නීතිය ඉවත් කිරීම උදෑසන හයට…

හෙට සිට ලබන සිකුරාදා දක්වා සතියේ වැඩකරන දින රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම ආයතන සඳහා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස රජය ප‍්‍රකාශ කර තිබෙනවා. ඉකුත් සතියද නිවසේ සිට වැඩකරන සතියක් ලෙසයි නම් කර තිබුණේ.

මේ අතර කොරෝනා වෛරසයේ ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ති‍්‍රක්කවල දැන් කි‍්‍රයාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු අඛණ්ඩව බලාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

කෙසේවෙතත් සෙසු සියළු දිස්ති‍්‍රක්කවල කි‍්‍රයාත්මක ඇඳිරි නීතිය හෙට උදෑසන 6 ට ලිහිල් කිරීමට නියමිතයි. හෙට පස්වරු දෙකේ සිට යළි ඇදිරි නීතිය පනවනු ඇති. මෙම දිස්ති‍්‍රක්කවලට පැනවෙන ඇඳිරි නීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ති‍්‍රක්ක අතර ගමනාගමනය තවදුරටත් සම්පූර්ණයෙන්ම තහනම්. අත්‍යවශ්‍ය සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සදහා යොදා ඇති ක‍්‍රමවේද අවභාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින්ම කි‍්‍රයාත්මක කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කළේ.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි සේවා සැපයීමට රජය සියලූ විධිවිධාන සලසා තිබෙනවා.

කවර දිස්ති‍්‍රක්කයක වුවද ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේවතු හා අපනයන භෝග නිෂ්පාදන කි‍්‍රයාවලියේ නිරත ජනතාවට ඒ සදහා අවසර පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සදහන් කළා.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කිරීමට ඉවහල් වන කි‍්‍රයාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා බැවින් එම කි‍්‍රයාමාර්ග සහ උපදෙස් වගකීමෙන් පිළිපදින ලෙසයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර කොළඹ, කළුතර සහ මහනුවර දිස්ති‍්‍රක්කවල හුදකලා ප‍්‍රදේශ ලෙස නම් කර ඇති ගම්මාන තවදුරටත් හුදකලා ප‍්‍රදේශ ලෙස පවත්වා ගෙන යනු ඇති. කවරකුට හෝ මෙම ගම්මානවලට ඇතුළුවීම හෝ ඉන් පිටවීම හෝ නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් තහනම්.

මේ අතර අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම ලබාදීමට තැපැල් දෙපාර්තමේන්තුවද විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ළගම ඇති තැපැල් කාර්යාලයට හෝ මූලස්ථාන මෙහෙයුම් ඒකකයට හෝ 071 80 98 700, 071 44 31 624, 071 81 94 214, 071 81 94 224 හෝ 071 880 79 21 යන දුරකතන අංක ඇමතිය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
scattered clouds
26 ° C
26 °
26 °
83 %
2.5kmh
37 %
Sun
29 °
Mon
30 °
Tue
29 °
Wed
29 °
Thu
29 °

Must Read

SPORT