දිනකට රෝගීන් දහස් ගණනකට සේවා සපයන සුව සැරිය ගිලන් රථ සේවය මුදල් නොමැතිකමින් පවත්වාගෙන යාමට අසීරු වී ඇති බව මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා.
සුවසැරිය වෙනුවෙන් කෝටි 22 ක අත්‍යවශ්‍ය වියදමක් කළ යුතුව තිබෙන බව කී හර්ෂ ද සිල්වා මහතා සුවසැරිය ගිලන් රථ අලුත්වැඩියා කිරීමටවත් මුදල් නොමැති බව එතුමා පැවසුවා.
සුවසැරිය ගිලන්රථ සේවය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකර කටයුතු කරන බවත්, වෙළඳපොලේ වාහන උපාංග හිඟයක් පැවතීම අදාල ගිලන් රථ අලුත්වැඩියා කටයුතු සඳහා බලපානවා විය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ එහිදී අදහස් දක්වමින් පවසා සිටියා.