14.3 C
New York
Saturday, April 19, 2025
HomeWorldසුඩාන හමුදා කුමන්ත්‍රණය: ඕමාර් අල් බෂීර් තිස් වසරක් බලයේ රැඳුනු හැටි.....

සුඩාන හමුදා කුමන්ත්‍රණය: ඕමාර් අල් බෂීර් තිස් වසරක් බලයේ රැඳුනු හැටි…..

-

රටවැසියන් අතර අපකීර්තියට පත්වූ සුඩාන ජනපති බ්‍රහස්පතින්දා (අප්‍රේල් 11) සිදු වූ හමුදා කුමන්ත්‍රණයකින් නෙරපා හැර තිබුණත් ඕමාර් අල්-බෂීර් හිතවාදීන් තවදුරටත් බලයේ රැඳී සිටීමට උත්සහ දරමින් සිටින බව සුඩාන ගැටලුව පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති ඇලෙක්ස් ද වාල් පවසයි.

තිස් වසරකට පසු ප්‍රථම වතාවට සුඩානය හැත්තෑ පස් හැවිදිරි ජනාධිපති ඕමාර් අල්-බෂීර්ගේ පාලනයෙන් මිදී තිබේ.

නමුත් සුඩාන ජාතිකයන්ට එරට ආරක්ෂක අමාත්‍ය අවාඩ් ඉබ්න් ඔව්ෆ් (Awad Ibn Ouf) ජාතිය අමතමින් සංක්‍රාන්ති හමුදා කවුන්සිලයක් ගැන අදහස් ප්‍රකාශ කරන අවස්ථාවේ ඔහුගේ නායකයාගේ හඬ ලෙස දැනෙන්නට ඇත.

ආරක්ෂක අමාත්‍ය අවාඩ් ඉබ්න් ඔව්ෆ් පැවසු පරිදි රට තුළ මාස තුනක් හදිසි නීතිය ද බල පැවැත්වෙනු ඇත.

ඕමාර් අල් බෂීර් සේම අවාඩ් ඉබ්න් ඔව්ෆ් ද හමුදා නිලධාරියෙකි. ඔහු කලක් එරට හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කර තිබිණි.

පසුගිය පෙබරවාරි මස 22 වෙනිදා ඕමාර් අල් බෂීර් සුඩානය තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු අවාඩ් ඉබ්න් ඔව්ෆ් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

Sudan Coup

එමෙන්ම, ඔහුට උප ජනාධිපතිවරයා ලෙස උසස් වීමක් ලැබුණු අතර, ඕමාර් අල් බෂීර්ගේ පාලන කාලය 2020 දී නිළ වශයෙන් අවසන් වූ පසු එම පදවියට පත්වීමට ද ඉඩකඩ තිබිණි.

ඒ අතර, 1989 සිට බලයේ සිටි ඕමාර් අල් බෂීර් ට එරෙහිව මාස කිහිපයක් පුරා උද්ඝෝෂණ පැවැත්විණි.

ඒවා ඇරඹුණේ පසුගිය දෙසැම්බර් මස ඉන්ධන සහ පාන් මිල වැඩිකරන බව රජය නිවේදනය කිරීමත් සමගය.

Sudan Coup
 සිට බලයේ සිටි ඕමාර් අල් බෂීර් ට එරෙහිව මාස කිහිපයක් පුරා උද්ඝෝෂණ පැවැත්විණි

මේ අතර, උද්ඝෝෂකයින් පෙන්වා දෙන්නේ අන්තර්වාර කාලය තුළ සිවිල් කවුන්සිලයක් මගින් රට පාලනය කළ යුතු අතර එයට හමුදා මැදිහත්වීමක් අනවශ්‍ය බවය.

ඕමාර් අල් බෂීර් යනු කවරෙක් ද?

Sudan Coup
නෙරපා හැරුණු ජනපති ඕමාර් අල්-බෂීර්

•1973 ආරාබි-ඊශ්‍රායල යුද්ධයේ දී ඊජිප්තුව වෙනුවෙන් සටන් වැදිණි.

•ඉස්ලාම් ජාතිකයන්ගේ සහයෙන් 1989 දී හමුදා කුමන්ත්‍රණයකින් පසු සුඩානයේ බලය අල්ලා ගනු ලැබීය.

•1990 දී අල්-කයිදා නායක ඔසාමා බින් ලාඩ්න්ට සුඩානය තුළ රැකවරණය සැලසීම.

•2003 සහ 2008 අතර කාලයේ දී සිදුවූ සුඩාන ඩාෆුර් සංහාර සම්බන්ධයෙන් 2009 දී ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තු දෙකක් නිකුත් කර තිබේ. නමුත් ඔහු එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරයි.

•2005 වසරේ දී දකුණු සුඩානයේ කැරලිකරුවන් සමග සාම ගිවිසුමකට එළඹීම.

•2011 වසරේ දී දකුණු සුඩානය වෙන් වීමත් සමගම සුඩානයට තෙල් වලින් උපයා ගත් ධනයෙන් 75% ක් පමණ අහිමි විය.

•2019 දී හමුදා කුමන්ත්‍රණයකින් නෙරපා හැරිණි.

•ඔහුගේ පෞද්ගලික දිවිය පිළිබඳ වැඩිදුර තොරතුරු හෙළි වී නොමැති අතර, ඔහුට දාව දරුවන් ද නොමැත.

Sudan Coup
ඡායාරූපයේ මැද සිටින්නේ ඕමාර් අල්-බෂීර්

ජනාධිපතිවරයා නෙරපා දැමූ බව දන්වමින් ජාතිය ඇමතූ අවාඩ් ඉබ්න් ඔව්ෆ් එරට ව්‍යවස්ථාව බල රහිත කරන බව මෙන්ම, හමුදාව වසර දෙකක සංක්‍රාන්ති කාලයක් රට මෙහෙයවා ඉන් අනතුරුව මැතිවරණයක් පවත්වන බව දැන්වූවත් විපක්ෂයේ නියෝජිතයන්ට රජයට සම්බන්ධ වන ලෙස ආරාධනා නොකළේය.

එමෙන්ම, ඔහු ඔවුන් සමග සාකච්ඡා ඇරඹීමට පවා යෝජනා නොකළේය.

Sudan Coup
උද්ඝෝෂකයින් පෙන්වා දෙන්නේ අන්තර්වාර කාලය තුළ සිවිල් කවුන්සිලයක් මගින් රට පාලනය කළ යුතු අතර එයට හමුදා මැදිහත්වීමක් අනවශ්‍ය බවය

කෙසේනමුත්, යුද අපරාධ චෝදනා ලැබ වරෙන්තු නිකුත් කර ඇති ඕමාර් අල් බෂීර් කිසිදු ජාත්‍යන්තර අපරාධ අධිකරණයට හෝ කිසිදු රටකට බාර නොදෙන බව අද දින (අප්‍රේල් 12) පුවත්පත් සාකච්ඡාවකට එක්වූ හමුදා පාලකයයෝ පැවසූහ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
scattered clouds
32 ° C
32 °
32 °
68 %
5kmh
25 %
Sat
31 °
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
30 °

Must Read

SPORT