ආසියානු කුසලාන කාන්තා බේස්බෝල් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ඉරානයට එරෙහිව පැවති තරගයෙන් ලකුණු 13 -00ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය.
තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු වටයේ තරගයක් ලෙස මෙම තරගය ඊයේ (24) පැවැත්විණි.
මෙය ජාත්‍යන්තර බේස්බෝල් පිටියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් ලැබූ මංගල ජයග්‍රහණය ලෙස වාර්තා අතරට එක්විය.