29 C
Colombo
Thursday, May 22, 2025

විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් ලබාගැනීම හෙට සිට

Published:

ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති මේ වසරේ දෙවැනි විදුලි ගාස්තු සංශා්ධනය පිළිබඳ මහජනතාවගෙන් වාචික අදහස් විමසීම හෙට (23) සිට සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව ජුනි මස 03 වැනිදා දක්වා සියලු පළාත් ආවරණය වන පරිදි වාචික අදහස් ලබාගැනීම සිදුකෙරෙන බව එම කොමිසමේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේය.

කෙසේවෙතත් පසුගිය දා නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරනු ලැබුවේ, යෝජිත නව විදුලි ගාස්තු සංශෝධනයට අනුව ගාස්තුව වැඩිවන නමුත්, එය මෙම වසර මුලදී පැවති විදුලි ගාස්තුවට වඩා අඩු අගයක් වනු ඇති බවය.

2025 වසරේ දෙවැනි භාගය සඳහා විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කළ පසුබිමක නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය මේ බව සඳහන් කළේය.

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
1,352FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img