14.3 C
New York
Monday, April 21, 2025
HomeSri Lanka Newsමාලිංග විවේචනය වෙයි - නව නායකයෙකු ගැන අවධානය යොමු වෙයි...

මාලිංග විවේචනය වෙයි – නව නායකයෙකු ගැන අවධානය යොමු වෙයි…

-

මාලිංග විවේචනය වෙයි – නව නායකයෙකු ගැන අවධානය යොමු වෙයි…

ඉන්දීය කණ්ඩායම සමග පූනේ හී පැවති තුන්වන සහ අවසන් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගයේදී නායක ලසිත් මාලිංග පන්දු යවන්නන් යොදාගත් ආකාරය සම්බන්ධයෙන් දැඩි දෝෂාරෝපණයක් එල්ල වෙමින් තිබෙනවා.

තුන් ඉරියව් කී‍්‍රඩකයෙකු ලෙස මෙම තරගයට එක් වූ දසුන් ශානකට එක් පන්දුවාරයක් හෝ ලබා නොදීම ඉන් ප‍්‍රධාන කරුණක්. එමෙන්ම සිව්වන පන්දුවාරයේදී ධනංජය ද සිල්වා පන්දු යැවීම සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් ද දැඩි විවේචනයක් එල්ල වී තිබෙනවා.

තුන්වන පන්දුවාර 20 කි‍්‍රකට් තරගයේදී සිදු වූ මෙම සිදුවීම් සම්බන්ධයෙන් ප‍්‍රධාන පුහුණුකරු ඇතුළු පුහුණු කාර්යය මණ්ඩලයෙන් ද කරුණු විමසීමක් සිදු කරන බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියෙකු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත සඳහන් කළේ.

මෙම තරගයේදී ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුලූ 06 ක් දැවී ලකුණු 201 ක් රැස් කළ අතර එහිදී ලසිත් මාලිංග යැවූ පන්දුවාර හතරේදී ලකුණු 40 ක් රැස් කිරීමට ඉන්දීය පිතිකරුවන් සමත් වුණා.

ලහිරු කුමාර සහ ඇන්ජලෝ මැතිව්ස් ද මෙහිදී ඉන්දීය පිතිකරුවන්ගේ දැඩි ප‍්‍රහාරයකට ලක්වීම විශේෂත්වයක්. නායකයෙකු ලෙස ලසිත් මාලිංග අසාර්ථක වීම නිසා ශී‍්‍ර ලංකා කණ්ඩායමට නව විස්සයි විස්ස නායකයෙකු පත්කර ගැනීම සඳහා ද කි‍්‍රකට් බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බවයි කි‍්‍රකට් ආරංචි මාර්ග පැවසුවේ.

ලසිත් මාලිංග මේ දක්වා පන්දුවාර විස්ස තරග 22 කදී ශී‍්‍ර ලංකා පිළට නායකත්වය ලබා දෙමින් ජයග‍්‍රහණය කර ඇත්තේ තරග 07 ක් පමණයි. ඔහු යටතේ ශී‍්‍ර ලංකා පිළ පන්දුවාර විස්ස තරග 13 ක් පරාජයට පත්ව තිබෙනවා. මාලිංගගේ නායකත්වය යටතේ ශී‍්‍ර ලංකාව ලබා ඇති ජයග‍්‍රහණ සංඛ්‍යාව ප‍්‍රතිශතයක් ලෙස සටහන් වන්නේ සියයට 35.7 1 ක් ලෙසයි.

ශී‍්‍ර ලංකා විස්සයි විස්ස කණ්ඩායමට නායකත්වය ලබා දුන් කී‍්‍රඩකයෙකු ලබාගත් අඩුම ජයග‍්‍රහණ ප‍්‍රතිශතය ද මෙය වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
overcast clouds
28 ° C
28 °
28 °
80 %
3.3kmh
92 %
Sun
28 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
29 °

Must Read

SPORT