14.3 C
New York
Saturday, December 21, 2024
HomeSri Lanka Newsමනූෂගෙන් කෝප් කමිටුවට දොස්...

මනූෂගෙන් කෝප් කමිටුවට දොස්…

-

විදේශ රැකියා මල් වට්ටියට අත ගහන්න පාර්ලිමේන්තුවේ කෝපා කමිටුව හදනවා . කෝපා කමිටුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යභාරය ගැන හරිහැටි දන්නේ නෑ – අමාත්‍ය මනුෂ නානායක්කාර

රටේ ප්‍රධාන මාතෘකාව බවට පත් ව ඇති විදේශ රැකියා මල් වට්ටියට අතසා ගැනීමට පාර්ලිමේන්තුවේ කෝපා කමිටුව නින්දෙන් ඇහැරී ප්‍රශ්න කරන බවත්, ඔවුන් එලෙස ප්‍රශ්න කරන්නේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කාර්යභාරය හරි හැටි නොදැන බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද පවසා සිටියේ ය.

ඒ මාකොළ ප්‍රදේශයේ දී අද දින විවෘත වූ නොදර්න් කැම්පස් වෘත්තීය සහ උසස් අධ්‍යාපන ආයතනයක් විවෘත කිරීමේ උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි. එහි දී පැමිණ සිටි පිරිස ඇමැතූ අමාත්‍යවරයා මෙසේ ද පවසා සිටියේය.

විදේශ රැකියා ක්ෂේත්‍රය රටේ ප්‍රධාන මාතෘකාව බවට පත් වෙලා. වෙනදට වඩා ලොකු පිබිදීමක් තියෙනවා, ඒ නිසා හැමෝම බලන්නේ මේ මල් වට්ටියට අත ගහන්නේ කොහොමද කියලයි. කෝපා කමිටුව සති දෙකක් තුළ පුහුණුව පිළිබද වැඩසටහන් ඉල්ලන්නේ ඒකයි. එයාලා කියන්නේ 2016 ඇමෙරිකාවෙන් ලැබුණු නර්සින් ඇග්‍රීමන්ට් එකට යවන්න පුළුවන් වුණේ තුන් දෙනයි, එහෙම වුණේ පුහුණුවක් නැති නිසා, ඒ නිසා වහා ම සති දෙකක් තුළ මේ ප්‍රශ්න විසදන්න කියලා තමයි කෝප් කමිටුව නියෝග කරන්නේ.

කොහොමද පුහුණු වැඩසටහන් කෙරෙන්නේ, විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වැඩපිලිවෙල මොකද්ද, වගකීම මොකද්ද නොඅසා එක පාරට ප්‍රකාශ නිකුත් කරනවා. විදේශ සේවා නියුක්තිය පිළිබද නියාමනය කිරීමේ ආයතනය තමයි විදේශ සේවා නියුක්ති කාර්යංශය. හැබැයි කෝප් කමිටුවේ දී එක් මන්ත්‍රීවරයෙක් අහන්නේ ඇයි විදේශ රැකියා පෞද්ගලික අංශයට විවෘත නොකරන්නේ කියලයි. රජය එහෙම රට යන්නේ නෑ. රාජ්‍යයන් රාජ්‍යයන් අතර තියෙන රැකියා ගිවිසුම්වලිනුත් රජය යවන්නේ 01%යි. ඉතිරි 99% ම යවන්නේ පෞද්ගලික අංශය. ඒවා නොදැන මාධ්‍යයට කියනවා පෞද්ගලික අංශයට යවන්න දෙන්නේ නෑ කියලා. කෝප් කමිටුවේ දීත් නොදැනුවත්කම ප්‍රදර්ශනය කරනවා.

පාසල් අධ්‍යාපනය තුළ බිංදුවේ ඉදලා ඉංග්‍රීසි උගන්නන්න හදද්දී අපේ දේශපාලනඥයෝ, වෘත්තීය සමිති ඒකට විරුද්ධ වුණා. ඒක 56 දී සිංහල රාජ්‍ය භාෂාව කරලා අපේ දරුවන් මොට කළා හා සමානවයි. හෙදියන්ට ඇමෙරිකාවෙන් ලැබුණු රැකියා අහිමි වුණේ එයට අවශ්‍ය ඉංග්‍රීසි ප්‍රවීණතා මට්ටම හදා ගන්න බැරි වුණු නිසා මිස පුහුණුව නැති නිසා නෙවෙයි.

අද එංගලන්තයෙන් අපේ හෙදියන්ට ලොකු ඉල්ලුමක් තියෙනවා. හැබැයි IELTS ලකුණු 7.5ට වැඩි ප්‍රවීණතා මට්ටමක් ඕනෑ. අපේ රටේ හෙදියන් ඉතා ම දක්ෂයි. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉතා දක්ෂයි. හැබැයි ලෝකෙට යන්න තියෙන ප්‍රධාන බාධාව ඉංග්‍රීසි. එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මාස දෙක තුනකින් මිනිහෙක්ගේ ඉංග්‍රීසි භාෂාව හදන්න බෑ. දශක ගණනාවත් තිස්සේ අධ්‍යාපන ක්‍රමය තුළ ඉංග්‍රීසිය අහිමි කරලා, වෘත්තීය අධ්‍යාපනය පැත්තකට දාලා, වැඩ කරපු අපි සියලු දෙනා ම, රාජ්‍ය නිලධාරීන්, වෘතීය සමිති සහ දේශපාලනඥයන් ද ඇතුළත් ව මෙයට වග කිය යුතුයි.

ජර්මනිය සමග හෙදි ක්ෂේත්‍රෙය් රැකියා සදහා ගිවිසුම් ගතවීමට සූදානම් වෙද්දී ලෝක සෞඛ්‍ය සංවිධානය එකගතාව දුන්නේ නෑ. හේතුව අපේ රටට අවශ්‍ය තරම් හෙදියන් නොමැති වීම. එහෙම නම් අපි කරන්න ඕනෑ වැඩි හෙද හෙදියන් ප්‍රමාණයක් බිහිකිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමයි. හැබැයි හෙදියක් වෙන්න නම් අපේ අධ්‍යාපන ක්‍රමය ඇතුළේ අනිවාර්යයෙන් ම විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ සමත් වෙලා තියෙන්න ඕනෑ. ලෝකය පුරා විද්‍යා විෂයන් හැදෑරුවේ නැති බොහෝ අය වෛද්‍යවරුන් හෙද හෙදියන් වෙලා තියෙනවා. හැබැයි අපේ වෘත්තීය සමිති විද්‍යා අංශයෙන් ඉගෙන නොගත්ත කිසිවෙකුට මේ ක්ෂේත්‍රයට එනවට විරුද්ධයි.

අපේ අධ්‍යාපන ක්‍රමයේ කලා උපාධියට, භූ ගෝලය, දේශපාලන විද්‍යාව, තර්ක ශාස්ත්‍රය, බෞද්ධ සාහිත්‍ය උගන්නලා, විශ්වවිද්‍යාලයටත් යවලා, උපාධියකුත් දීලා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කුරුටු ගාන්න දානවා. අපේ අධ්‍යාපන ක්‍රමය කොහොමද වෙනස් වෙන්න ඕනෑ කියලා කවුරුත් හිතලා නෑ. ශ්‍රම වෙළෙදපොළ සම්බන්ධයෙන් මෙපමණ කලක් කිසිදු අධ්‍යයනයක් නැති ආසියාවේ එක ම රට අපි විතරයි. ශ්‍රම වෙලෙදපොළ විශ්ලේෂණය නොකර අපි කොහොමද දන්නේ අනාගතයේ දී අපි කෙතැනකට ද යන්න ඕනෑ කියලා? මේ මුකුත් නොදැන එක පාරට නින්දෙන් නැගිටලා කතා කරලා හරි යන්නේ නෑ. කාලාන්තරයක් තිස්සේ තිබුණු ගැටලුවක්. රටක් විදියට අපි එතැනට තවම සූදානම් නෑ. පටන් ගන්න තියෙන්නේ දීර්ඝ වැඩක්. මුල ඉදලා හදාගන්න, වෙනස් කර ගන්න තියෙනවා. ලෝකයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් හදාගන්න වෙනවා.

ඒකට විවෘත මනසක් තියෙන දරුවෙක් හදාගන්න ඕනෑ. නේරංජනාවෙන් පැනපු අස්සයා ගැන කියලා දීලා, අස්සයා පැන්නේ කොහොමද කියලා දරුවා ඇහුවා ම කටවහගෙන ඉදහං කියන, ඍදියෙන් වැඩියා කියද්දී කොහොමද එහෙම උඩින් එන්නේ කියලා දරුවා ඇහුවොත් කටවහගෙන පොතේ තියෙන දේ විතරක් ඉගෙන ගනිං කියනවා නම් ඒ දරුවන් කොහොමද ආටිෆිෂල් ඉන්ටලිජන්ට් වලට සූදානම් කරන්නේ? විවෘත මනසකින් යුතු දරුවෙක් බිහි කරන්න නම් පෙර පාසල් අධ්‍යාපනයේ ඉදන් අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න වෙයි.

ජාතික අවශ්‍යතාවක් විදියට වෘත්තීය අධ්‍යාපනයට වැඩි අවධානයක් දෙන්න වෙනවා. 2034 වෙද්දී ජපානයට විතරක් විදෙස් ශ්‍රමිකයන් ලක්ෂ හැට හතරක් ඕනෑ. අපි ඒකට සූදානම් ද? අපිට ඒකට සැලසුම් තියෙනව ද? මම කැබිනට් පත්‍රිකාවක් හරහා මෙරට පාසල් පද්ධතියේ ප්‍රාථමික අංශයේ සිට ජපන් භාෂාව ඉගැන්වීමට පසුබිම සකස් කළේ ඒ නිසයි. අපි සැලසුම් කරන්න ඕනෑ ඉදිරි අවුරුදු දහයට. හැබැයි අද ගහෙන් ගෙඩි එන්නා වගේ එක පාරට මේක කරන්න බෑ. මේ ඔක්කොම රජයෙන් විතරයි කෙරෙන්නේ කියලා කරන්නත් බෑ.

ලෝක අවශ්‍යතාවය හදුනා ගන්නා ගමන්, පෞද්ගලික අංශයට අවස්ථාව සකසා දෙමින්, ලෝකයේ ශ්‍රම අවශ්‍යතාව අනුව, එයට ගැලපෙන පරිදි අපේ ඉදිරි පරම්පාරාව නිර්මාණය කර ගැනීමේ වගකීම අපට තියෙනවා. පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානයේ සිට අධ්‍යාපන අමාත්‍යංශය, වෘත්තීය පුහුණු ආයතන ඇතුළු සියල්ල එකතු වෙලා රටේ අනාගතය සකසා ගත යුතුයි. ඒකට කාටවත් චෝදනා කරල හරි යන්නේ නෑ. මේ වෙනස කරන්න අපි හැමෝම එකතු වෙලා වැඩ කරන්න ඕනෑ . එකට එකතු වෙලා වැඩ කළොත් මේ අභියෝගය ජය ගන්න පුළුවන්.

ඕනෑ ම සිදුවීමක දී දේශපාලනඥයාට ඇගිල්ල දිගු කිරීම තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. ප්‍රතිපත්ති හදන්නේ දේශපාලනඥයා නම් ඒ වගකීම ගන්න ඕනෑ. හැබැයි අපි හැමෝම වෙනස් වෙන්න ඕනෑ. අපේ රාජ්‍ය සේවය දැන් ලක්ෂ දා හතක්. වැඩ කරන කාලය 8.00 – 4.00 නම්, කාර්යක්ෂමතාව ඉතා හොද නම්, රටටත් ඉතාමත් ම හොදයි. රජයේ සේවකයෙක් දවසකට රුපියල් සියයක වටිනාකමක් අවභාවිත කළොත්, ෆොටෝ කොපි දෙක තුනක් ගෙනියන එක, වැඩ අස්සේ ෆේස් බුක් යන එක, අනවශ්‍ය කෝල් තුන හතරක් ගන්න එක, කලින් ගෙදර යන එක ආදී වශයෙන් ගත්තොත්, දවසකට දාහත් ලක්ෂ සීයක්, සතියකට ඒ වගේ පස් ගුණයක්, මාසෙකට සහ වසරකට බැලුවොත්, ඒ වටිනාකම බිලියන ගණනක්. එහෙම නම් අපි හැමෝම එකතු වෙලා මිස, අපි හැමෝම වෙනස් වෙලා මිස, මේක වෙනස් කරන්න බෑ. අපි එතැනට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්, දයාසිරි ජයසේකර, රවි කුමුදේශ් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

378FansLike
29FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
overcast clouds
31 ° C
31 °
31 °
78 %
3.1kmh
98 %
Sat
30 °
Sun
28 °
Mon
28 °
Tue
28 °
Wed
27 °

Must Read

SPORT