බලය ලබා ගැනීමේ අරමුණින් විශාලතම ඛේදවාචකය වූයේ 2019 පාස්කු ඉරුදින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
2019 වසරේ සිට 2024 සැප්තැම්බර් මාසය දක්වා වසර පහමාරක කාලයක් පරීක්ෂණවල අරමුණ බවට පත්ව තිබුණේ, සැබෑ සැලසුම්කරුවන් යටපත් කිරීම බවයි අද පොළොන්නරුව ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.
පසුගිය රජයන් කිසිවකට සෑබෑ අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒමට කිසිඳු වුවමනාවක් නොතිබූ බවද ජන හමුව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේය.
මේ වන විට වසර 6 ක් ගතවී ඇති අතර නව රජය බලයට පත්වී මාස 6 කට ආසන්න කාලයකට පැමිණ ඇති අතර එම කාලය තුළ පියවරෙන් පියවර පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් නීතිය හමුවට පැමිණවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
අද දිනයේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදුකළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සියලුම ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බවත් ඒ අතරට සඟවා තිබුණ ලේඛනද ඇතුළත් බවද ජනාධිපතිවරයා පැවසීය.
පාස්කු ප්‍රහාරයේ සබෑ වගඋත්තරකරුවන් හෙළිදරව් කිරීමේ වගකීම රජය බාරගෙන ඇති බවත් එය රජය ඉටු කළ යුතු බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.