14.3 C
New York
Saturday, April 19, 2025
HomeWorldචීනයෙන් මතුවූ නව කොරෝනාවෛරසය: ශ්‍රී ලංකාව මුහුණ දීමට සූදානම් ද...?

චීනයෙන් මතුවූ නව කොරෝනාවෛරසය: ශ්‍රී ලංකාව මුහුණ දීමට සූදානම් ද…?

-

චීනයෙන් මතුවූ නව කොරෝනාවෛරසය: ශ්‍රී ලංකාව මුහුණ දීමට සූදානම් ද…?

චීනයේ වුහාන් නගරයෙන් වාර්තා වූ බරපතළ පෙනහලු රෝග ඇති කිරීමට හේතුකාරක වන විද්‍යාත්මකව මීට පෙර හඳුනා නොගත් වෛරසය තවත් රටවල් දෙකකින් හඳුනාගෙන තිබේ.

පසුගිය දෙසැම්බර් මාසයේදී හඳුනා ගැනුණු මෙම වෛරසය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වී ඇත.

මෙම වෛරසය ආසාදිත වූ පුද්ගලයින් 200 දෙනෙකුට අධික සංඛ්‍යාවක් පිළිබඳව තහවුරු කර ඇති අතර, එක්සත් රාජධානියේ විශේෂඥයින් ඇස්තමේන්තු කර ඇත්තේ වෛරසය ආසාදිත පුද්ගලයින් 1700කට ආසන්න සංඛ්‍යාවක් සිටිය හැකි බවටය.

මෙම නව වෛරසය හේතුවෙන් නිව්මෝනියාවෙන් පෙළෙන රෝගීන් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු වී ඇති අතර ලෝකය පුරා සිටින සෞඛ්‍ය බලධාරීන් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර තිබේ.

මේ වෛරසය තාවකාලික වසංගත තත්ත්වයක් ද එසේ නැතහොත් වඩාත් අනතුරුදායක තත්ත්වයක පළමු සංඥාව විය හැකි ද?

ශ්‍රී ලංකාව සූදානම් ද?

නව වෛරසය හේතුවෙන් ඇති විය හැකි රෝග තත්ත්වයන් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර නිවේදනය කළේ, එම රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් ලංකාවට පැමිණෙන්නේ දැයි හඳුනාගැනීමට ක්‍රියා කරන ලෙසට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිහිටි සෞඛ්‍ය ඒකකය දැනුවත් කර ඇති බවය.

මේ අතර, නව කොරෝනාවෛරස් රෝගය නිසා විදේශ ගමන් බිමන් සඳහා සීමාවක් පැනවීම අවශ්‍ය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇති අතර, වර්තමාන තත්ත්වය අනුව ශ්‍රී ලාංකිකයින් ද තම ගමන් බිමන් සීමා කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ශ්වසන රෝගවලින් වැළකීමට ගත යුතු පියවර

  • කහින විට සහ කිවිසුම් යන විට ලේන්සුවකින් මුහුණ ආවරණය කර ගැනීම.
  • දෑත් නිරන්තරයෙන් සබන් යොදා සෝදා පිරිසුදුව තබා ගැනීම.
  • නිතර නාසය සහ මුහුණ ඇල්ලීමෙන් වැළකීම.
  • ජනාකීර්ණ ප්‍ර‍දේශවල අනවශ්‍ය ලෙස කාලය ගත නොකිරීම.
  • කුඩා දරුවන්, ගර්භණී මව්වරුන් සහ වැඩිහිටියන් ජනාකීර්ණ ප්‍රදේශවල ගමන් කිරීම අවම කිරීම.

මොකක් ද මේ වෛරසය?

මේ වන විට රෝගීන්ගෙන් අදාළ වෛරසයේ සාම්පල රැගෙන පර්යේෂණාගාරවලදී විශ්ලේෂණය කර තිබේ.

චීනයේ මෙන් ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද බලධාරීන් නිගමනය කර ඇත්තේ, මෙය කොරෝනාවෛරස් නමැති වෛරස් ආසාදනයක් බවය.

කොරෝනාවෛරස්

කොරෝනාවෛරස් යනු වෛරස් අතර පුළුල් වෛරස් පවුලකි. එහෙත්, එම වෛරස් අතරින් මිනිසුන්ට ආසාදනය වන්නේ වෛරස් 6ක් පමණි. (නව වෛරසයත් සමග එය 7 දක්වා ඉහළ යනු ඇත.)

2002 වසරේදී චීනයෙන් ඇරඹුණු කොරෝනාවෛරසයක් හේතුවෙන් ඇති වූ සාර්ස් (Severe acute respiratory syndrome) රෝග කාරකය ආසාදානය වූ 8098 දෙනෙකුගෙන් 774 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

“සාර්ස් ගැන තියෙන බරපතළ මතකය නිසා විශාල බියක් ඇති වී තිබෙනවා. ඒත්, මේ වගේ රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් ක්‍රියා කරන්න අපි ගොඩක් සූදානමින් ඉන්නේ,” වෛද්‍ය ජොසී ගෝල්ඩිං පවසයි.

එය දරුණු වෛරසයක් ද?

කොරෝනාවයිරස් මගින් සුළු සෙම්ප්‍රතිශ්‍යාවක සිට මරණය දක්වා රෝග ලක්ෂණ ඇති විය හැක.

මෙම නව වෛරසය ඉහත කී රෝග පරාසයේ මධ්‍ය තත්ත්වයක පවතින බව දක්නට ලැබේ.

“අලුත් කොරෝනාවෛරසයක් දැක්කා ම ඒක කෙතරම් බරපතළ ද කියලා දැනගත යුතුයි. මේ වෛරසය සුළු සෙම්ප්‍රතිශ්‍යාවකට වඩා බරපතළයි, ඒත් සාර්ස් තරම් දරුණු නැහැ,” එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මාර්ක් වූල්හවුස් පවසයි.

වෛරස් එන්නේ කොහෙන් ද?

සාමාන්‍යයෙන් නිරන්තරයෙන් නව වෛරස් සොයා ගැනීම සිදුවේ.

එම වෛරස් කුමන හෝ සත්ව විශේෂයකින් නොදැනුවත්ව ම මිනිස් ශරීර තුළට ඇතුළු වෙයි.

“මීට පෙර ඇති වූ වසංගත ගැන කල්පනා කළොත් අලුත් කොරෝනාවෛරස් ඇවිත් තියෙන්නේ සතුන්ගෙන්,” නොටිංහැම් විශ්වවිද්‍යාලයේ වෛරස් විද්‍යාඥ මහාචාර්ය ජොනතන් බෝල් පවසයි.

සාර්ස් වෛරසය මිනිසුන්ට ආසාදනය වී ඇත්තේ, බළලුන් විශේෂයකිනි.

මේ අතර, 2012 වසරේදී ආසාදනය වූ පුද්ගලයින් 2494 දෙනෙකු අතරින් පුද්ගලයින් 858 දෙනෙකු ජීවිතක්ෂයට පත්කළ මර්ස් හෙවත් Middle East respiratory syndrome වෛරසය මිනිසුන්ට ආසාදනය වූයේ, ඔටු විශේෂයකිනි.

මෙවර වෛරසය ආවේ කොතනින් ද?

නව වෛරසය වාර්තා වූයේ චීනයේ වුහාන් ප්‍රදේශයෙනි.
නව වෛරසය වාර්තා වූයේ චීනයේ වුහාන් ප්‍රදේශයෙනි.

නව වෛරසයේ ව්‍යාප්තිය චීනයේ වුහාන් නගරයේ පිහිටි මාළු තොග වෙළෙදපොළ සමග සම්බන්ධයක් පවතී.

කොරෝනාවෛරස් ඇති කළ හැකි ක්ෂීරපායී වර්ගයේ මතස්‍යයින් ද එම වෙළෙදපොළේ අලෙවි කෙරුණ ද, එහි කුකුලන්, වවුලන්, හාවුන් සහ සර්පයින් වැනි පණ ඇති සතුන් ද අලෙවි කෙරේ. වෛරසය එම සතුන්ගෙන් නිකුත් වීමට වැඩි ඉඩකඩක් තිබේ.

වෛරසයේ ව්‍යාප්තිය

චීන බලධාරීන් පවසන්නේ, පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වූ සිද්ධි කිහිපයක් වාර්තා වී ඇති බවය.

කැස්ස, කිවිසුම් යාම ආදිය හේතුවෙන් මෙම නව වෛරසය ව්‍යාප්ත වීමේ වැඩි ඉඩකඩක් පවතී.

ව්‍යාප්තිය කෙතරම් වේගවත් ද?

මෙම වසංගත තත්ත්වය සීමාසහිත එකක් බවට විශ්වාස කර තිබුණ ද, දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා නව රෝගීන් කිහිප දෙනෙකු පිළිබඳව වාර්තා වී තිබේ.

චීනයේ වුහාන් ප්‍රදේශය

චීනයේ වුහාන් ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් මෙම වසංගතය පැවතිය ද, තායිලන්තයෙන් රෝගීන් දෙදෙනෙකු, ජපානයෙන් එක් රෝගියෙකු සහ දකුණු කොරියාවෙන් තවත් අයෙකු හඳුනාගෙන තිබේ. ඔවුහු මෑතකදී චීනයේ වුහාන් ප්‍රදේශයේ සංචාරය කළ පුද්ගලයෝ වෙති.

විශේෂඥයින් පවසන්නේ, වාර්තා නොවූ තවත් රෝගීන් සිටිය හැකි බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
scattered clouds
32 ° C
32 °
32 °
68 %
5kmh
25 %
Sat
31 °
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
30 °

Must Read

SPORT