න්‍යෂ්ටික වැඩසටහන් සම්බන්ධයෙන් ඇමෙරිකාව සමග කටයුතු කිරීමට සූදානම් බව ඉරානය පවසයි.
ආර්ථික සම්බාධක ඉවත් කිරීම පිළිබඳව ද ඇමෙරිකාවේ අවධානය යොමුව පවතින බවයි වාර්තා වන්නේ.
ඇමෙරිකා ජනාධිපතිවරයාගේ නව ස්ථාවරය සම්බන්ධයෙන් ඉරානයේ විශේෂ අවධානය යොමුව තිබේ.
යුරේනියම් බලගැන්වීම අවම මට්ටමක පවත්වා ගැනීම ඉරානයේ අදහසයි.
ඒ අනුව සිවිල් අවශ්‍යතා සඳහා පමණක් යුරේනියම් යොදා ගන්නා බවයි ඉරානය කියා සිටින්නේ.