ශ්රී ලංකා පාපන්දු සම්මේලනයට පත් වූ සභාපති ශ්රී රංගා ඇතුළු නව නිලධාරී මණ්ඩලයට එම තනතුරුවල කටයුතු කිරීම හෙට දින (19) තෙක් අත්හිටුවන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.
ශ්රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය නීතිවිරෝධී යැයි සඳහන් කරමින් එහි හිටපු සභාපති ජස්වර් උමර් මහතා ගොනුකළ රිට් පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුව සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය.
එහි වගඋත්තරකරුවන් ලෙස ක්රීඩා ඇමැතිවරයා,සහ එම සම්මේලනයට තේරී පත් වූ නව නිලධාරී මණ්ඩලය ඇතුළු පිරිසක් නම් කර තිබේ.