28.4 C
Colombo
Monday, May 19, 2025

අනුදි Miss World – Talent Competition හි අර්​ධ අවසන් පූර්ව වටයට

Published:

72 වන Miss World තරගාවලියේ Talent Competition තරග අංශයෙන් අර්​ධ අවසන් පූර්ව වටයට තේරී පත්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර සමත් වී තිබේ.

Talent Competition මූලික වටයෙන් ලොව සෑම මහාද්වීපික කලාපයක්​ම නියෝජනය කරමින් රටවල් රැසක් තරග කර ඇති අතර අනුදි ආසියාව සහ ඕෂනියාව මහාද්වීපික කළාපයෙන් අර්​ධ අවසන් පූර්ව වටයට තේරී පත්වූ තරගකාරියන් 13 දෙනා අතරට තේරී පත්වී තිබේ.

Asia and Oceania කලාප‍යෙන් අර්​ධ අවසන් පූර්​ව වටය​ට ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර හැරුණුවිට ඉන්දියාව, වියට්නාමය, පිලිපීනය, බංග්ලාදේශය ඇතුළු රටවල 13 ​ක රූ රැජිණියන් තේරී තිබේ.

එමෙන්ම ඇමෙරිකාව සහ කැරිබියන් දූපත් නියෝජනය කරමින් රටවල් 10 ක්, අප්‍රිකාව නියෝජනය කරමින් රටවල් 09 ක්, යුරෝපය නියෝජනය කරමින් රටවල් 16 ක රූ රැජිණියන් Talent Competition හි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇති බවයි දැක්වෙන්නේ.

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
1,320FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img