අධිවේගයේ යන රියදුරන්ට දැනුම්දීමක්…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වන වාහන පැයට කිලෝමීටර 60ක වේග සීමාවක් පවත්වාගෙන යන ලෙස විද්යුත් පූවරු මගින් දැනුම්දීමක් සිදුකර තිබේ.
පවතින අධික වර්ෂාව හේතුවෙන් එම දැනුම්දීම සිදුකර ඇත.
මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් අඳුරු තත්ත්වයක් පැවතීමෙන් අධිවේගී මාර්ගයේ වාහන ධාවනයේදී ඉදිරිපස ලාම්පු දල්වා ගෙන යන ලෙස ද මාර්ග සංවර්ධන අධිකාරිය විසින් වාහන රියදුරගෙන් ඉල්ලීමක් කර තිබේ.