14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka Newsඅද කොළඹ දී විරෝධතාවක්...

අද කොළඹ දී විරෝධතාවක්…

-

ජනතාව පීඩාවට පත්කරන ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් සිවිල් සංවිධාන, වෘත්තීය සමිති සහ කලාකරුවන් ඇතු‍ළු පිරිසක් අද (27) කොළඹ දී විරෝධතාවයක් සංවිධානය කර තිබේ.

වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ඒකාබද්ධ ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසන්නේ, මෙම විරෝධතා ව්‍යාපාරයට සමගාමීව විරෝධතා රැලියක් ද පැවැත්වීමට නියමිත බවය.

“වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ඒකාබද්ද ජනතා ව්‍යාපාරය ලෙස අද ආණ්ඩුව ගෙන යන මේ රටේ ජාතික සම්පත් විකිණීමට එරෙහිවත්, අරගලයට සම්බන්ධ වූවන් මර්දනයට ගෙන යන මර්දන නීති හකුළා ගැනීමටත්, උද්දමනය 80%ක් යනකොට වැඩකරන ජනතාවට ජීවත් වෙන්න කිසිදු වැඩපිළිවෙලක් හදන්නේ නැතිව තවදුරටත් බදු ගහලා ජනතාවට බර පටවන ආණ්ඩුවේ ක්‍රියාමාර්ගවලට එරෙහිව ගොවියාට පොහොර, ධීවරයා ට තෙල් ටික, ශිෂ්‍යයන්ට ඉගෙන ගන්න පහසුකම්, ජනතාව අපේක්ෂා කරන සහන නොදෙන ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව අද ශිෂ්‍ය සංගම්, ගොවි සංගම්, ධීවර සංගම්, වෘත්තීයවේදීන්, කලාකරුවන් අද සවස 3ට කොළඹ දී පවත්වන දැවැන්ත උද්ඝෝෂණ රැළිය වගේම විරෝධතා ක්‍රියාමාර්ග රැසක් අද ක්‍රියාත්මකයි.”

මේ අතර සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද විදුලිබිලට එක් කිරීමට කටයුතු කිරීම වළක්වන ලෙස මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කරන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා සඳහන් කළේ, අදාළ බද්ධ අය කිරීම තුළින් විදුලි පාරිභෝගිකයින් තවදුරටත් පීඩාවට පත් වන බවය.

රජය විසින් පසුගියදා පනවනු ලැබු සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ද විදුලි බිලට එක්වන බව මහජන උපයෝගීතා කොමිසම ඊයේ (26) දිනයේ  නිවේදනය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
28 ° C
28 °
28 °
83 %
3.8kmh
71 %
Sat
28 °
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
29 °

Must Read

SPORT