14.3 C
New York
Saturday, April 19, 2025
HomeSri Lanka NewsMCC ගිවිසුම අත්සන් තැබීම අත්හිටු වීමට කැබිනට් අනුමැතිය....

MCC ගිවිසුම අත්සන් තැබීම අත්හිටු වීමට කැබිනට් අනුමැතිය….

-

MCC ගිවිසුම අත්සන් තැබීම අත්හිටු වීමට කැබිනට් අනුමැතිය….

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ජාතියේ ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට ගෙන අත්සන් තැබීම අත්හිටුවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අද(28) කොළඹ පැවැත් වෙන කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අහිතකර වගන්ති මෙම ගිවිසුම තුළ අන්තර් ගත වී ඇතැයි අතුරු කමිටුව විසින් කළ නිර්දේශ මත මෙම තීරණය ගත් බවයි.

එම තීන්දුව ගැනීම සඳහා මීට පෙර පත් කර තිබු, අතුරු කමිටුවේ වාර්තාව අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව මුලික  කරුණු කීපයක් පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඇතැයි ද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මෙහිදී පැවසීය‍.

1. විනිවිඳභාවයෙන් තොරව ප්‍රසිද්ධියේ මහජනතාවට දැන ගත හැකි ආකාරයෙන් අත්සන් කිරීමට කටයුතු නොකිරීම.

2. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සහ රටේ පවතින නීති පද්ධතියට අහිතකර වගන්ති මෙම ගිවිසුමේ අන්තර් ගත වි තිබීම.

3. ජාතික ආරක්ෂාවට හා ජාතික, ආර්ථික හා සමාජීය මෙන්ම සංස්කෘතික කටයුතුවලට අහිතකර බලපෑම් ගෙන දිය හැකි වගන්ති එහි ඇතුළත් වීම.

4.රටේ ස්වෛරීත්වය , ස්වාධීනත්වය හා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළු සහගත තත්ත්වයක් පැවතීම. 

මෙවැනි කරුණු කීපයක් හේතුවෙන් මෙම ගිවිසුම අත්සන් නොකිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුව තීරණය කර ඇතැයි ද බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී පැවසීය.

මෙම ගිවිසුමේ ඇතිදේ හානි කර වගන්ති නොමැතිව මේ පිළිබඳව සාකච්ඡා කිරීමට වත්මන් ආණ්ඩුව සුදානම් බවත් පැවසු අමාත්‍යවරයා, මෙම ගිවිසුම ඇමෙරිකාව විසින් සකස් කර ඇති ගිවිසුමක් නොවන බවත් එය එක්සත් ජාතික පක්ෂයේ අභිමතය පරිදි සකස් කර ඇතැයි ද කියා සිටියේය.

රටේ පවතින ප්‍රාග් ධන හිඟය යටතේ ඕනෑම මිත්‍ර රටකින් සහනාධාරයක් හිමි වන්නේ නම් එය ලබා ගැනීමට සුදානම් බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මෙම ගිවිසුමේ ඇතැම් වගන්ති සංශෝධනයට ඇමෙරිකාව එකඟත්වය පළ කරන්නේ නම් ඒ අනුව මෙය ඉදිරියට සිදු කිරීමට ඕනෑම අවස්ථාවක සුදානම් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
29.7 ° C
29.7 °
29.7 °
70 %
5.3kmh
59 %
Sat
31 °
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
29 °

Must Read

SPORT